Sunday, March 31, 2013

සරත්ගේ ජරා වැඬේ

”ඔයාට මතකද ඔයාගේ තාත්තා පොඩි කාලේ කරපු ජරා වැඬේ?”
මගේ තුරුලේ හිටි ඇගෙන් මං එහෙම ඇහුවේ යම් අවදානමක් දරාගෙන.
”මොන ජරා වැඬේ ද?”
මං හිතුවා හරි. ඇගේ ස්වරය එතරම් හොඳ නැහැ. ටිකක් තරහ ගිහින් වගේ ඇය කතා කළේ.
”අර අහවලත් එක්ක එකතු වෙලා කරා කියපු වැඬේ.”
මඳ පමණින් විස්තර සමඟ ඇයට කතාව මතක් කළා. ඇගේ මුහුණට නැගුණා සිනහවක්. එ් සමඟම ඈ කතාව කියන්නට පටන් ගත්තා.

සරත් තමයි පන්තියේ හිටපු දඟම ළමයා. පන්තියේ ගුරු මණ්ඩලය කොයි වෙලේත් බයේ හිටියේ ඔහු කුමක් හෝ දඟ වැඩක් කරාවි කියා. එ් තරමටම වසවර්ති මාර වැඩ කළේ. හැබැයි පන්තිභාර ගුරුතුමියට එ් සෙල්ලම් ඇල්ලූවේ නැහැ. හැමදාම වගේ ඇගේ දඬුවමට ලක් වුණා අපේ සරත්.
ඉතින් නිතොර වසවර්ති මාර වැඩ කරපු සරත්ටත් මේ පන්තිභාර ගුරුතුමිය එතරම් ඇල්ලූවේ නැහැ. කොයි මොහොතේ හරි ඇයට පාඩමක් උගන්වන අදිටනක් සරත්ට තිබුණා. ඔහුගේ විවේකි මොහොතක් ගෙවුණේ එ් සඳහා කදිම සැලැස්මක් සිතා ගන්නට.
දවසක් ඔහුට කදිම සැලැස්මක් කල්පනා වුණා.
සිය සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔහු තවත් සගයෙකු එකතු කර ගත්තා. එදා වැහිබර හැන්දෑවක්. පාසැලේත් කවුරුත් රැුඳී සිටියේ නැහැ. එ් නිසා සරත්ට සිය සැලසුම ක‍්‍රියාත්මක කරන්න එතරම් අපහසුවක් වුණේ නැහැ. එ්ත් කොයිකටත් සූදානම් සරීරෙන් සිටිය යුතු නිසා, සිය සගයා පන්තිකාමරයේ ෙදාරටුව ළඟ හිටෙව්වා. ඈතින් කවුරුන් හෝ එනවා නම් වහාම ඔහු සංඥවක් දිය යුතු යි.
හරි දැන් ඔක්කොම ලැහැස්තියි.
ඉතින් හෙමින් සැරේ වැහිබර සීතලත් දරාගෙන සරත් සිය යෝධ සැලැස්ම ක‍්‍රියාත්මක කළා. සැලැස්ම අහවර වුණු පසුව ඔහුට මහත් සහනයක් දැනුණා. සිය සගයාත් එකතු කර ගෙන ළඟ කඬේකට ගිහින් කහට කෝප්පයක් බීලා සිය සැලැස්ම සාර්ථක වුණු ප‍්‍රීතිය භුක්ති වින්දා.
පහුවෙනිදාට උදා වුණා. පන්තිභාර ගුරුතුමියත් වෙනදා වාගේම පන්තිකාමරයට පැමිණෙන විට සියලූම ළමයි නැගී සිටියා ‘ආයුබෝවන්’ කියාගෙන. කොහොමින් කොහොම වුණත් සරත්ගේ හිතට එතරම් හරි නැහැ. ටිකක් බයත් වගේ ගතියකුත් දැනුණා.
එ් මුකුත් නොදන්න පන්ති භාර ගුරුතුමිය කලූ ලෑල්ලේ ලියපු යම් දෙයක් මතක් කරන්න ලාච්චුව ඇරල අත ඇතුලට දැම්මා මකනය, එහෙමත් නැත්නම් ඩස්ටරය, එලියට ගන්න. එ්ත් එක්කම වගේ ඈ නඟපු හඬ විලාපයක් ද නැත්නම් වෙන දෙයක් ද කියලා සරත්ට හිතා ගන්න බැරි වුණා. ඔහුගේ කන් බීරි වුණා වගේ දැනුණා.
”කවුද මේ වැඬේ කළේ?”
ළමයි එකිනෙකාගේ මුහුණ දිහා බලන්න වුණා. ගුරුතුමිය කතා කරන්නෙ කුමක් ගැන ද කියල ඔවුන්ට සිතා ගන්නට නොහැකි වුණා. ඇය කතා කළේ තවමත් අත ලාච්චුව ඇතුළේ තියාගෙන. ලාච්චුව ඇතුළෙ කවුරුහරි සතෙක් වත් ද? ගෙම්බෙක් වත් පැනලද? එ්ත් ටික මොහොතකින් සියල්ලන්ටම කාරණය වැටහුණා, ගුරුතුමිය අත එලියට ගත්තට පස්සෙ.
ඇගේ අත අසූචි වලින් නැහැවිලා.
ඊට පස්සෙ කුමක් ද සිදු වුණේ? සරත් අහු වුණා ද? නැත්නම් ඔහුගේ මිතුරා ඔහුව පාවා දුන්නා ද?

මම ඇය දෙස බලා සිටියේ මේ ප‍්‍රශ්න හිතේ තියාගෙන.
”තාත්තා අන්තිමේ දි අහු වුණා. එයාගේ යාලූවා එයාව පාවල දුන්නා.”
”හරි පුදුමයි නේ. පිරිමි ළමයි සාමාන්‍යයෙන් පාවල දෙන්නෙ නැහැ නේ ද?”
මං එහෙම කිව්වේ ඇය මා හා එකඟ නොවෙයි කියා සිතාගෙන.
”එ්ක තමයි. නමුත් කොල්ලො කාලෙ බයටත් ඔය වගේ වැඩ කරනවා මං හිතන්නේ. තාත්තගෙන් අහන්න  ඕන ඊට පස්සෙ මොකද වුණේ කියල.”
ඉන් එහාට අහන්න දෙයක් මට තිබුණේ නැහැ. මං මගේ බිරිඳ දෙස බලා සිටියා.

3 comments:

  1. Harime lassenai.nirmanathmekai.honde sajeevi bavak thiyeneva.thavath digeteme liyanne.

    ReplyDelete
  2. ඒ ව‌ෙග් දෙයක් එළිවෙන්නේ එක්කෝ බයට... නැත්තම් පණ්ඩිතකමට කියවන්න ගිහින්... මේ මොන වයසෙද කියලා හිතාගන්න බෑ.. ඒත් කඩේට ගිහින් කහට එකක් බීලා සමරන්න නම් අඩුගානේ අවුරුදු 14-15ක් වත් වෙන්න ඕනේ... එහෙම වයසකදි මෙහෙම දෙයක් කරන්න ගුරතුමියත් එක්ක පුංචි තරහක් තිබිලා නම් මදි කියලා මට හිතෙන්නේ.. හි හි ...

    අනේ වර්ඩ් වෙරිෆි‌ෙක්ෂන් අයින් කරන්නකෝ... කමේනට් රක්නන ගියාම ඒක වදයක්...

    Settings - post and comments - Show word verification = NO කරන්න

    ReplyDelete
  3. බොහොම ස්තූතියි යහළුවනේ.

    ReplyDelete