Sunday, May 12, 2019

ඨාකුර චින්තනයට මහ පණක් දුන් පේ‍්‍රමදාස ශ‍්‍රී අලවත්තගේ ශූරිහු

සිළුමිණ ශාස්ත්රීය සංග්රහය තුළින් ද අවශේෂ පුස්තක සම්භාරයක් තුළින් ද සිංහල සාහිත කෙත දුක් ගිනි නිවීම පිණිස කලන සිතින්අර්ථ සිද්ධි පරිශ්රමයක් දැරූ ආචාර්ය ප්රෙමදාස ශ්රී අලවත්තගේ ශූරිහු මැයි  8 දින අභාවප්රාප්ත වූහ.
පෙනෙන දිවි ඉමෙන් නොපෙනෙන ඉමකට හදිසි ගමනක යෙදෙ⁣න එතුමන් ලියූ ගීයක් සිහිපත් වේ.
ඔහු ලියූ ඒ ගීතය කිසි දිනෙක මුමුණනු අසා නැත්තෙමි. එහෙත් ඒ ගීතය සමග ජීවත් වන  බොහෝ දෙනා අතරට මම එකතු වෙමි.
අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ...
හද කීරි ගැහෙන අරුතකින් ද, ගත කිලිපොලා යන වදනින් ද, සන්නද්ධ වූ මේ ගීතයෙහි පදරුත් පසිඳලීමට සිත් වුවත් මේ ඊට අවස්ථාව නොවේ. එහෙත් සටහන් කළ යුත්තක් තිබේ.
මෙහි ගායකයා වන ටී එම් ජයරත්නද, සංගීත නිර්මාපකයා වන පේ්ාරමසිරි කේමදාසයන් ද, සත්සර විඳුම් ලොවට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. එහෙත් පබැඳුමට පණ දුන් කිවිඳුන් ගැන දත්හු අල්පයහ.
මේ ගීතයට උපත දුන් තිදෙනෙක් වෙති. වංග බසින් එය රචනා කළ රබින්ද්රනාත් ඨාකුරයන් පළමුවැන්නා ය. එම කව ඉංගිරිසියට හැරවූ විලියම් බී යේට්ස් කිවිඳුන් දෙවැන්නා ය. එය සිංහලයට හැරවූ ආචාර්ය පේ්රමදාස ශ්රී අලවත්තගේ තුන්වැන්නා ය.
අලවත්තගේ ශූරීන් එය සිංහලට පරිවර්තනය කළ බවක් මට නම් නොහැගේ.. අලවත්තගේ සූරිහු යේට්ස්ගේ විඳුම් කුටියට ඇතුළු වූහ. ඇතුළුව ඒ වදන් තුළට, ඒ දර්ශනයට, සම වැදුණහ. ඉනික්බිතිව මුල් කතුවරුන්ගේ නිමැවුම ඉක්මවූ වදනිසුරු ප්දරභාවකින් ඨාකුර චින්තනයට මහ පණක් දුන්හ.
ඒ සනාථ කරනු වස් ඉහත උපුටනයට පාදක වූ ඉංගිරිසි ලේඛනය නැවත උපුටා දක්වමි. ඉංගිරිසියෙන් සිංහලට පරිවර්තනය ගැන හැදැරීමට කෙනෙකුට ඇවැසි නම් ගීතාංජලියෙහි 11 වැනි කව ද අලවත්තගේ ශූරින්ගේ ගීතය ද විමසත්වා.
LEAVE this chanting and singing and telling of beads! 
Whom dost thou worship in this lonely dark corner
of a temple with doors all shut? 
Open thine eyes and see
thy God is not before thee! 
ඨාකුරයන් නාම මාත්ර වශයෙන් අසා ඇති මුත් ඒ උතුමන්ගේ චින්තන පථයෙහි සැරසරන්නට තරම් කාල වේලාවක් නොවූ දුහුනන්ට හැර බලන්නට කඩතුරාවක් විවර කළේ අලවත්තගේ ශූරීන් ය.
චිත්ත සන්තානයක උපන් ක්ලේෂ මාත්ර දර්ශනයකට උපමාවකින් රූපකයකින් පණ දීමට හැකි වීම කෙතරම් නම් අසිරියක් ද? එක මිටකට ගත හැකි අලවත්තගේ සූරින්ගේ ගී සමුදාය ගුණාත්මක පිරිපුන් බව ප්රමාණාත්මක බව ඉක්මවන බව සනාථ කරයි.
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික ලේකම් ලෙස නීරස ලිපි ලේඛන අතර කල් ගෙවූ හෙතෙම නිබඳ පෙදෙහි රස හව් විදුමට අමතක නොකළේ ය. වෘත්තීය දිවියෙන් පමණක් නොසෑහුණු එතුමෝ ජීවිත කාලයම සම්භාවය සාහිත්යයට කැප කළහ. පුරාණ ගද්ය පද්ය සාහිත්යය පිළිබඳව නිතර ලිපි ලේඛන සම්පාදනය කළේ ය. පුරාණ විවාහ සංස්කෘතිය ආශ්රයභූමි කොට ගෙන ආචාර්ය උපාධි නිබන්ධනයක්ද නිමැවීය. ළමා සාහිත්යය, උපමා කථා හා අව⁣ශේෂ සාහිත්යකරණයෙහි නිරත විය. රාජ්ය සාහිත්ය සම්මාන, ගොඩගේ සාහිත්ය සම්මාන ඈ මණ්ඩල අනුමණ්ඩල තළ සාමාජිකත්වය ද දැරීය. 
මෑතදී දැඩිසේ ගිලන් වූ එතුමෝ සියලු ආබාධ ඉක්මවා නැගි සිටියහ. පෙර සේම අප සමඟ සාහිත කළා රසවින්දනයක යෙදුණහ. එහෙත් කම් වූ පරිද්දෙන් නික්මුණහ. ඒ වූ කලි සුන්දර නික්මන කි.
සුන්දර දිවිගමනක් එ් ලෙස අහවර වුවද යාතිකාව රස විඳ අහවර කිරීමට සිත් නොවේ.

No comments:

Post a Comment