tag:blogger.com,1999:blog-11471883837290360972024-03-08T04:55:07.571-08:00එන්න. දැකගන්න.විස්තර පිරුණු නවකතා කියවන්න කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති අඩුම ගාණේ පිටුවකට දෙකකට වතාවක්වත් කුමක් හෝ සිද්ධියක්, ඒ කියන්නෙ කතන්දරයක්, තියෙන නවකතාවක් කියවන්න. අනිත් වචන වලින් කිව්වොත් ඕපාදූප. අහන්න අහන්න ඕපාදූප හරි රහයි. අපේ ජීවිතය කියන්නෙත් ඕපාදූප පිරි දිවයිනක්. හැකි නම් රස විඳින්න.
එන්න. දැකගන්න. Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1147188383729036097.post-59896741268868835862019-05-22T23:13:00.002-07:002019-05-22T23:13:15.989-07:00ලද ඇසිල්ලට ජීවිතය ගිලිහුණා

සොදුරු කතාවට සිත සැනහුණා
මිහිරි රස මසවුලට ගත නැලවුණා
සිනා හඬ වීදුරු හඬට මුහුවුණා
ලද ඇසිල්ලට ජීවිතය ගිලිහුණා

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-7831696046545156242019-05-12T23:36:00.000-07:002019-05-22T23:37:01.000-07:00ඨාකුර චින්තනයට මහ පණක් දුන් පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ ශූරිහු

සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් ද අවශේෂ පුස්තක සම්භාරයක් තුළින් ද සිංහල සාහිත කෙත දුක් ගිනි නිවීම පිණිස කලන සිතින්අර්ථ සිද්ධි පරිශ්‍රමයක් දැරූ ආචාර්ය ප්‍රෙමදාස ශ්‍රී අලවත්තගේ ශූරිහු මැයි 8 දින අභාවප්‍රාප්ත වූහ.
පෙනෙන දිවි ඉමෙන් නොපෙනෙන ඉමකට හදිසි ගමනක යෙදෙන එතුමන් ලියූ ගීයක් සිහිපත් වේ.
ඔහු ලියූ ඒ ගීතය කිසි දිනෙක මුමුණනු අසා නැත්තෙමි. එහෙත් ඒ ගීතය සමග ජීවත් වන බොහෝ දෙනා අතරට මම එකතු වෙමි.
අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ...
හද කීරි ගැහෙන අරුතකින් ද, ගත කිලිපොලා යන වදනින් ද, සන්නද්ධ වූ මේ ගීතයෙහි පදරුත් පසිඳලීමට සිත් වුවත් මේ ඊට අවස්ථාව නොවේ. එහෙත් සටහන් කළ යුත්තක් තිබේ.
මෙහි ගායකයා වන ටී එම් ජයරත්නද, සංගීත නිර්මාපකයා වන පේ්ාරමසිරි කේමදාසයන් ද, සත්සර විඳුම් ලොවට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. එහෙත් පබැඳුමට පණ දුන් කිවිඳුන් ගැන දත්හු අල්පයහ.
මේ ගීතයට උපත දුන් තිදෙනෙක් වෙති. වංග බසින් එය රචනා කළ රබින්ද්‍රනාත් ඨාකුරයන් පළමුවැන්නා ය. එම කව ඉංගිරිසියට හැරවූ විලියම් බී යේට්ස් කිවිඳුන් දෙවැන්නා ය. එය සිංහලයට හැරවූ ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ තුන්වැන්නා ය.
අලවත්තගේ ශූරීන් එය සිංහලට පරිවර්තනය කළ බවක් මට නම් නොහැගේ.. අලවත්තගේ සූරිහු යේට්ස්ගේ විඳුම් කුටියට ඇතුළු වූහ. ඇතුළුව ඒ වදන් තුළට, ඒ දර්ශනයට, සම වැදුණහ. ඉනික්බිතිව මුල් කතුවරුන්ගේ නිමැවුම ඉක්මවූ වදනිසුරු ප්දරභාවකින් ඨාකුර චින්තනයට මහ පණක් දුන්හ.
ඒ සනාථ කරනු වස් ඉහත උපුටනයට පාදක වූ ඉංගිරිසි ලේඛනය නැවත උපුටා දක්වමි. ඉංගිරිසියෙන් සිංහලට පරිවර්තනය ගැන හැදැරීමට කෙනෙකුට ඇවැසි නම් ගීතාංජලියෙහි 11 වැනි කව ද අලවත්තගේ ශූරින්ගේ ගීතය ද විමසත්වා.
LEAVE this chanting and singing and telling of beads!
Whom dost thou worship in this lonely dark corner
of a temple with doors all shut?
Open thine eyes and see
thy God is not before thee!
ඨාකුරයන් නාම මාත්‍ර වශයෙන් අසා ඇති මුත් ඒ උතුමන්ගේ චින්තන පථයෙහි සැරසරන්නට තරම් කාල වේලාවක් නොවූ දුහුනන්ට හැර බලන්නට කඩතුරාවක් විවර කළේ අලවත්තගේ ශූරීන් ය.
චිත්ත සන්තානයක උපන් ක්ලේෂ මාත්‍ර දර්ශනයකට උපමාවකින් රූපකයකින් පණ දීමට හැකි වීම කෙතරම් නම් අසිරියක් ද? එක මිටකට ගත හැකි අලවත්තගේ සූරින්ගේ ගී සමුදාය ගුණාත්මක පිරිපුන් බව ප්‍රමාණාත්මක බව ඉක්මවන බව සනාථ කරයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික ලේකම් ලෙස නීරස ලිපි ලේඛන අතර කල් ගෙවූ හෙතෙම නිබඳ පෙදෙහි රස හව් විදුමට අමතක නොකළේ ය. වෘත්තීය දිවියෙන් පමණක් නොසෑහුණු එතුමෝ ජීවිත කාලයම සම්භාවය සාහිත්‍යයට කැප කළහ. පුරාණ ගද්‍ය පද්‍ය සාහිත්‍යය පිළිබඳව නිතර ලිපි ලේඛන සම්පාදනය කළේ ය. පුරාණ විවාහ සංස්කෘතිය ආශ්රයභූමි කොට ගෙන ආචාර්ය උපාධි නිබන්ධනයක්ද නිමැවීය. ළමා සාහිත්‍යය, උපමා කථා හා අවශේෂ සාහිත්‍යකරණයෙහි නිරත විය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන ඈ මණ්ඩල අනුමණ්ඩල තළ සාමාජිකත්වය ද දැරීය.
මෑතදී දැඩිසේ ගිලන් වූ එතුමෝ සියලු ආබාධ ඉක්මවා නැගි සිටියහ. පෙර සේම අප සමඟ සාහිත කළා රසවින්දනයක යෙදුණහ. එහෙත් කම් වූ පරිද්දෙන් නික්මුණහ. ඒ වූ කලි සුන්දර නික්මන කි.
සුන්දර දිවිගමනක් එ් ලෙස අහවර වුවද යාතිකාව රස විඳ අහවර කිරීමට සිත් නොවේ.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-84399963485917075532019-04-16T23:10:00.000-07:002019-05-22T23:34:56.771-07:00අරවින්ද දුටු උන්වහන්සේ

අරවින්ද සිටියේ සියල්ලටම පසුපසින්. ඔහු ඉදිරියේ මහා නඩයක් ඇදුණා. එහි ඉදිරියෙන්ම සිටියේ සිය මුත්තණුවන්. සිය ඥාති පරපුරේ ජ්‍යෙෂ්ඨතමයා ඔහු වූ නිසා හැම කටයුත්තකමට මුල් තැන නිතැනින්ම හිමි වූයේ ඔහුට.

සියවසක්ද පසු කොට වසර දෙකක් ගෙවී ඇති මුත් තවමත් කාර්යශූර වූ සිය මුත්තණුවන් දෙස ඔහුට වඩා වසර 90ක් බාල අරවින්ද බලා සිටියේ විස්මයාවහ නෙතින්.

බොහෝ දුර නැවති නැවතී පැමිණි මේ සෙනඟට හැකි ඉක්මනින්ම ගමනාන්තය කරා ළගා වෙන්නට අවශ්‍ය වුණා.

එහෙත් ඉදිරියෙන් පසෙකට වී සිටින භික්ෂුවක් නිසා නඩය සිය ගමන මොහොතකට නතර කළා. මැදි වයසේ සිටින ඒ භික්ෂුව පසෙකට වී සිය සිවුරේ ඉරී ගිය කොටසක් මහමින් සිටියා.

‘ඔබවහන්සේට මහන්සි පාටයි. පැන්පහසුවක් එහෙම?’

‘එහෙම අවශ්‍යතාවක් නැහැ පින්වත. ඔබ මේ යන්නේ කොහිද?’

‘අපේ අසල්වැසි රටේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ මේ අඩවියට වැඩම කළා යැයි පුවතක් අප ගම් පළාතේ පැතිරුණාග උන්වහන්සේ වැඩම කොට මේ අඩවිය තමන්වහන්සේගේ සිරිපා සලකුණින් ආශිර්වාද කලා කියා පුවතක් අපේ ගම් පලාතේ පැතිර යනවා,’ මුත්තණුවන් පැහැදිලි සරින් කියා සිටියා.

‘අනේ ඉතින් ඒ උත්තමයන් වහන්සේව දැකගන්නට බැරි වුණත් අඩුම තරමේ උන්වහන්සේගේ සිරිපතුල් හරි දැක දැකගන්නට පුළුවන්නම් කොයි තරම් දෙයක්ද?’ ඒ වැඩිමහළු ඥාතියෙක්.

‘උන්වහන්සේ සිරිපතුල සලකුණු කොට දැන් දින දෙක තුනක් වෙනවා කියල තමයි ආරංචියග ඔබවහන්සේට උන්වහන්සේ හමු වුණාද?’

‘උන්වහන්සේ සිරිපතලෙන් ආශිර්වාද කොට දැන් දින දෙකක් හෝ තුනක් වෙනවා කියල තමයි ආරංචිය. ඔබවහන්සේට උන්වහන්සේ හමු වුණා ද?’

‘මේ ඇත්තෝ බොහෝ දුර ගෙවා ගෙන ඇවිත් තියෙනවා. මෙතන නැවතිල ගිමන් හැරියොත් බුදුරජාණන්වහන්සේ දැකගනැනීමට හැකියාව ලැබේවි.’

‘අපි දැන් සෑහෙන තැන් වල නතර වෙවී ආවේ. මෙතනත් සුනංගු වුණොත් අපිට සිරිපතුල් වහන්සේ දැක ගන්නට තව බොහෝ වෙලා ගත වේවි. ඔබවහන්සේගේ සිවුර හැකි ඉක්මනින් මසා දෙන්නට අපට අවසර ද?’

භික්ෂුව සිය ඉඳිකටුව පසෙකින් තැබුවා.

"මගේ සිවුර මසා අවසානයි. පිංවතුන් බොහෝ දුර ඇවිත් තියෙනවා. දැන් ඉතින් නැවතුණොත් නේ ද හොඳ?"

‘එහෙම නවතින්න හැකියාවක් නැහැනේ හාමුදුරුවනේ. අපිට තව බොහෝ දුර යන්න තියනව. එහෙනම් අවසරයි හාමුදුරුවනේ. තවත් සුනංගු වෙන්න කාලයක් නැහැ.’

සියලු දෙනා එකත්පසුව වැඳ නමස්කාර කොට භික්ෂුවගෙන් අවසර ගෙන ඈතට යන තෙක් අරවින්ද බලා සිටියා. තමාගේ නැවතීම ඒ කිසිවෙකුට නොදැනුණේ ගමනාන්තය ගැනම සිත යොමු කරගෙන සිටි නිසා විය යුතු යැයි ඔහුට සිතුණා.

අරවින්ද භික්ෂුවට සමීප වුණා.

‘ඇයි පුතා?’ භික්ෂුව විමසුවා.

‘ඔබවහන්සේ කී දේ ගැන මට ප්‍රශ්නයක් තියෙනව.’

භික්ෂුව නිහඬව සිටියේ අරවින්දට කතා කරන්නට ඉඩ හරිමින්.

‘මගේ මාමලා නැන්දලාට මෙතන නවතින්න කියල දෙවතාවක්ම කිව්වා. නැවතුණොත් බුදුරජාණන් වහන්සේ දැකගන්නට පුළුවන් වේවි කියලාත් කිව්වා. ඒ කිව්වෙ නිකම් වෙන්න බැහැ."

භික්ෂුව හිස ඔසෙවා අරවින්ද දෙස බැලුවා. සිය සිත් නෙතින් භික්ෂුව තමා ඉදිරියේ සිටින බාලකයාගේ සිත් රුව විනිවිද දැකගත්තා.

"පුතා කැමතිද බුදුරජාණන්වහන්සේ දැකගන්නට?"

"ඔව් ස්වාමින්වහන්ස."

"ඇයි ඒ?"

"උන්වහන්සේගේ අපරිමිත රූපකාය ගැනත් දේසනා කරන අසිරිමත් ධර්මය ගැනත් මම අසා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ දැකගැනීමට මම ආසයි."

"ඔබ දැන් බොහෝ දුර පැමිණ ගමන් විඩාව ඇති කෙනෙක්. එවිට කොහොමද බුදුරජාණන්වහන්සේ දැකගන්නේ"

"උන්වහන්සේ දැක ගන්නට ගමන් විඩාව නැති වෙන්න ඕනද ස්වාමින්වහන්ස?"

"බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකෙට බිහි වෙන්නේ හැල්මේ දුවන සත්වයන්ගේ ගමන නැවතීම කියා දෙන්නයි. ඒ නිසා පුතා ඔබ දැන් නවතින්න ඕන. හති අරින්න."

"මම ලැහැස්තියි ස්වාමින්වහන්ස."

භික්ෂුව අරවින්දට තමා ඉදිරියට පැමිණ හිඳගන්නා ලෙස සන් කළා.

දැස් පියාගත් අරවින්ද භික්ෂුවගෙන් නිහඬ පාඩමක් ඉගෙනගත්තා.

දෑස් හැරි අරවින්දට තවදුරටත් කඳුමුදුනේ සලකුණුව තිබෙන සිරිපතුල් දැකගන්නට අවශ්‍ය වූයේ නැහැ. සිය ඥාති සමූහයා පිළිබඳව ඔහුට මුලින්ම දැනුණේ අනුකම්පාවක්. පසුව එය සංවේගයක් බවට පත් වුණා. ඉදිරියෙන් වඩින මහාපුරුෂයාණන්වහන්සේ පසුපස අරවින්ද සෙමෙන් සෙමෙන් ඇදුණේ උන්වහන්සේ පරිහරණය කළ ඉඳිකටුවද රැගෙන සාදා ගත් සිතකින්.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-65012899142702577312019-01-28T23:31:00.000-08:002019-05-22T23:32:06.598-07:00ඔබ පුතකු වීමෙන් නිවී සැනසිණිමි!

2019 පෙබරවාරි 2 සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකයෙහි පළ විය.

මාධ්‍යවේදියකු ලෙස මම ජීවතුන් අතර සිටින මෙන්ම නාමශේෂ භාවෝපගත කීර්තිමත් පුද්ගලයන් ගැන කොතෙකුත් අභිනන්දන ලේඛනය කොට ඇත්තෙමි. එහෙත් සිත් ගැබ පාරා එබිකම් කරන මට පසක් වන යම් සැබෑවක් තිබේ. යම් මොහොතක මපියාණන් ගැන යම් අභිනන්දනයක් කිරීමට සිත් වෙත් නම්, ඔහු ඉතිරි කළ දායාදය පච්ච වර්ණයෙන් පෙඟුණු තුරු ලතා සපිරුණු හරිත දිවයිනක් විවර කරන බවයි ඒ. මෙවන් ලඝු ලේඛනයකින් ඒ දායාදය කිසි ලෙසකවත් කැටි කළ නොහැකිය. මේ සටහනෙහි යම් අත්තුක්කංසන පරවම්භනයක් හෝ අහංකාර පරවශ බවක් දැනෙත් නම් කමන්න. එහෙත් ජීවිතයෙහි මා විඳි පරම සැබෑව නම් එයයි.

සුප්‍රකට චරිතයක් නොවූවද, ඔහුගේ සුප්‍රකට බවේ සෙවණැල්ලෙන් කිනම් තැනකට වුව නිබය ව මම ඇතුළු වෙමි. කළ යුතුව ඇත්තේ තාත්තාගේ නම යම්තමින් සඳහන් කිරීම පමණි. සන් මිතුරකු වේවා, පරම සතුරකු වේවා, එහෙමත් නැත්නම් දුර ආශ්‍රිතයකු වේවා, ඔවුහු සුනන්ද මහේන්ද්‍ර නම් ඔහුගේ නම කී පමණින් හඳුනා ගනිති. ඒ නම නොහඳුනන කෙනෙක් වෙත් නම් එවැන්නන් මට හමු ව ඇත්තේ දුසිමකටත් අඩුවෙනි.

පසුපසින් ඇදෙන කුඩාවකු සේ ඉදිරියෙන් ඇදෙන ඔහු දෙස මම බලමි. ඉක්මන් ගමනින් යන ඔහු මා විස්මයට පත් කරයි. කිසිදු අවසරපතක් නොමැතිව උසස් නිලදරුවකුගේ කුටියට නිබයව ඇතුළු වන ඔහු නවතාලීමට සිතක් නැති ආරක්ෂක භටයන් ද මම දැක ගනිමි. ලොකු මහත්තය අඳුනන කෙනෙක් වෙන්නැති... ඔවුන්ගේ දේහ ලක්ෂණ මම කියවමි. ඒ උසස් නිලදරුවා හුනස්නෙන් නැඟී සිට ඔහුට ආචාර සමාචාර කරන අවස්ථාවේ දී ආරක්ෂක භටයන් ද මම ද තවත් විස්මයට පත් වෙමු. ඒ නිලදරුවන්ගේ අධ්‍යාපනයේ යම් අවධියකදී තාත්තා ඔවුන්ගේ ගුරුවරයකු බව මා දැන ගන්නේ සුළු මොහොතකට පසුව ය. එසේත් නැතිනම් ඔහුගේ කෘති කියවා ඇති පිරිසකි.

දශක අටක ජීවිත කාලයක් පුරා තාත්තා බොහෝ විෂය පථ සිසාරා යන රැස් වළල්ලක් නිමැවීය. නවකතාකරුවකු, කෙටිකතා රචකයකු, කවියකු, නාට්‍යකරුවකු, ශබ්දකෝෂ කර්තෘවරයකු, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු, පරිපාලකයකු හා ජනමාධ්‍ය විශාරදයකු (රූපවාහිනි, පුවත්පත් හා ගුවන්විදුලි) ලෙස ඒ හැම විෂය භූමියකම සම්මානනීය භූමිකාවකට පණ පෙවී ය. වියතුන් සබා මැද සැරි සරා උපයාගත් ධනයක් සේ දිදුලන සම්මාන ප්‍රදාන හා පුස්තක සමූහයෙන් ගොඩ නැඟුණු ඒ මහ රගමඬල වංකගිරියක් සේ දිස් වේ. මහත් ඇල්මෙන් මම එහි ඇතුළු වෙමි; ඇතුළු වී අතරමං වෙමි.

මින් වසර 81කට ප්‍රථම ජනේරුවක 28 වන දින මාටින් හෙන්රි ද මැල් සහ ලිලියට් මාග්‍රට් වෛද්‍යරත්න යන මගේ පූර්වජනකයන්ට දාව තාත්තා මෙලොව එළිය දුටුවේ ය. වෘත්තීය වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු වූ බැවින් ද මැල් කුටුම්බයට විටින් විට පදිංචිය මාරු කරන්නට සිදු විය. මින් තාත්තාට නම් සිදු වූයේ මහත් ලාභයක්මයි. කොළඹ ආනන්දය හා මහනුවර ධර්මරාජය වැනි උත්තම ගණයේ විදුහල් මාතාවෝ ඔහු පෝෂණය කළහ.

ඉනික්බිතව එදවස විද්‍යාලංකාර නම් ලත් කැලණිය සරසවි බිමට ඇතුළු විය. සම්මානිත මහාචාර්යවරයකු ලෙස අදටත් ඔහු එහි ගිරිතරණය කරන්නේ ය. හෙවණැලි ඇද මිනිස්සු නම් ඔහුගේ කුලුදුල් ගත 1964 පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී විශිෂ්ටතම නවකතාවට හිමි ත්‍යාගය දිනා ගත්තේ යග ඉන් පිදුම් ලබන විට ඔහු 26 හැවිරිදි තරුණයෙකි. එක් ක්ෂේත්රයක පමණක් ජීවිත කාලයක් ගත කිරීම තාත්තාට නුපුරුදු විය. සාහිත ගිරිශිඛරයෙන් ඔහු රගමඬලට පිවිසුණේ හෙන්රික් ඉබ්සන් නම් නෝවිජියානු නාට්‍ය රචකයා වෙත තිබුණු ඇල්ම හේතු කොට ගෙන ය.

1965 දී හෙන්රික් ඉබ්සන්ගේ පෙළ ගැහැනියක් නමින් සිංහල කරළියට ඔහු හඳුන්වා දුන්නේ ය. කෙටි කලක් ඉංග්‍රීසි උපදේශකයකු ලෙස සේවය කොට ඔහු ඉන්පසුව ගුවන්විදුලි සංස්ථාවට බැඳුණේ මහගමසේකර වියොවින් සිස් වූ නිබන්ධ සම්පාදක තනතුර නොසිස් කිරීමට ය. මේ අතර බීබීසී ලෝක සේවයේ සන්දේශය වැඩසටහන සඳහා නිෂ්පාදකයකු පත් කරගැනීමේ තරග විභාගයෙන් තාත්තා සමත් විය. සරසවි බිමේදී සිත් ගත් සුහදිනියගේ අත ගත් ඔහු ලන්ඩන් බලා පියාසර කළේ ඉන් පසුව ය.

තෙවසරක බීබීසී සේවා කාලයෙන් අනතුරුව ආචාර්ය උපාධිය ද නිමවා, තාත්තා ලක්දිවට පැමිණියේ ය. කීර්තිශේෂ භාවෝපගත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අසිරි මැද කැලණි සරසවි බිමෙහි ජනසන්නිවේදන අංශය පිහිටුවාලීමේ පුරෝගාමියකු බවට පත් වූයේ ඉන් පසුව ය. ඒ 1974 වසර ය.

නිර්මාපකයකු ලෙස ද, සරසවි ඇදුරකු ලෙස ද, තාත්තා මහ නුග රුකක් වී වැඩෙන්නට විය. එහි මස්තකප්රාප්ත ඵලයක් ලෙස 1990 දශකය මුල් භාගයේ ඔහු රචනා කොට අධ්‍යක්ෂණය කළ සොක්රටීස් නම් ස්වතන්ත්‍ර නිර්මාණය හැඳින්විය හැකිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී විශිෂ්ටතම නාට්‍ය පිටපත ලෙස ද, රාජ්‍ය නාට්‍ය උලෙළේදී විශිෂ්ටතම අධ්‍යක්ෂණය, රචනය ඇතුළු අංශ කිහිපයකට ම හිමි සම්මාන රාශියකින් පිදුම් ලැබී ය. සේවා සම්මත පරිදි 2002 දි විශ්‍රාම ලැබූව ද, තාත්තා දැනටත් සම්මානිත මහාචාර්යවරයකු ලෙස සරසවි කිහිපයක සේවය කරමින් සිටියි. හිමිදිරියේම දෙනෙත් විවර කරන ඔහු තෙද ගැන්වූ සංයමයකින් සිය ලේඛන කාර්යයෙහි නිරත වෙයි.

ඔහු විසින් රචිත ග්‍රන්ථාවලිය සිව් ශතකය ඉක්මවයි. ඒ සා මහත් ධාරිතාවකින් වියත් යුද පිටිය ජය ගැනීම එතරම් අරුමයක් සේ නොපෙනෙන්නේ අම්මා ඔහුට දී ඇති අපමණ නිදහස නිසා ය. ගෙදර දොර කටයුතු සොයා බැලීමෙන් ඔහු සම්පූර්ණයෙන් නිදහස් කොට ඇති නිසා ය. තාත්තාගේ රැස් වළල්ලෙන් අම්මා ද නිබඳ පෝෂණය වූවා ය. ඒ පෝෂණයෙන් පුතුන් තිදෙනකුට අමතරව කෘතින් 14ක් ද බිහි කොට ඇත්තී ය. මෑතක බිහි වුණු කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයකින් ද පිදුම් ලැබී ය.

සමකාලීනයන් මෙන් නොව, තාත්තා ශාස්ත්‍රෝද්ග්‍රහණයට ම සිය දිවිය කැප කළේ ය. ජීවිත කාලයක් තිස්සේ උපයා ගත් සිවිල් බලය නිසා නිතැනින් හිමි වන බොහෝ වරදාන ඔහු ප්‍රතික්ෂේප කළේ ය. පැස පුරවා ගැනීම ඔහු රිසි නොවී ය.

අප අතර ඇති වන සංවාදයකින් මම බොහෝ දේ ග්‍රහණය කරගන්නෙමි. දුහුනන් දැනුම් සයුරු තරණයට ඇවැසි බොහෝ දේ එහි ගැබ් වේ. ඒ කැපවීම සමඟ ම අසිරිමත් මතක ශක්තියක් ද වෙළී ඇත්තේ ය. නිෙවසෙහි දුරකථනය නිබඳ නද දෙන්නේ යම් කාරණයක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයන් නිසා ය.

සරසවි ඇදුරකු ලෙස, පුවත්පත් ලේඛකයකු ලෙස, ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස හා අනෙකුත් උපදේශක මට්ටමින් ඉටුකරන පරිපාලන කටයුතු සමග ඔහු අදටත් ක්‍රියාකාරී භූමිකාවකට පණ දෙන්නේ ය. අසූ එක් වියෙහි පසු වන ඔහු ඇතැම් විට තවමත් සිය වෘත්තියෙහි නිරත වන ජ්‍යෙෂ්ඨතම සරසවි ඇදුරා විය හැකිය. එසේ නොමැති නම් ජ්‍යෙෂ්ඨතමයන් කිහිප දෙනාගෙන් එක් අයකු විය හැකිය.

පුතකුගේ පළමු වීරයා තාත්තා යන්න පතළ කියමනකි. තාත්තා නෙක විරුවන් බිහි කළේ ය. බොහෝ අයට ඔහු විරුවෙකි. වියෙන් වැඩෙන මගේ ජීවිතයට නෙක විරුවෝ ඇතුළු වූහ.

එනමුත් ජීවිතයෙහි මා විඳි අසිරිමත් දෙයක් ඇත්තේ ය. මුදු දිය දහරක් සේ අප දිවිය සනහාලන මගේ ජීවිතයේ පළමු විරුවා ලෙස තාත්තා අකාලිකව අසුන් දරා සිටින යුරු මම දකිමි.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-63864016881713266572019-01-15T22:42:00.000-08:002019-05-22T22:43:05.384-07:00වින්දිතයාගේ කටඋත්තරය

"ඊයේ හම්බන්තොටදී පැවති වරාය සහ ගුවන්තොටුපොළ අලෙවි කිරීමට එරෙහි ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණය අධිකරණ නියෝග නොතකමින් පැවැත්වූ නිසා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර විසුරුවා හැරිය අතර 26 දෙනෙකු අත්අඩංගුවටද ගන්නා ලදි. මෙම උද්ඝෝෂණය අතරදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උද්ඝෝෂණයේ නිරත පුද්ගලයෙකුට පහරක් එල්ල කරන අවස්ථාවක් වීඩියෝවට නැගී තිබෙන අතර...."

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට පහර එල්ල කිරීම ඉතා බරපතල කාරණයක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංගම් නිගමනය කළා. ඒ සඳහා පුළුල් පරීක්ෂණ ඇරඹිය යුතු බව නොයෙකුත් සිවිල් සංවිධාන අවධාරණය කළා. ඒ පුවත සටහන් වුණු පුවත්පත දෙකට නවා පසෙක ලූ තරුණ පොලිස් නිලදරුවා කටඋත්තර පොතද පෑනද රැගෙන සිය ජංගම දුරකථනයේ රෙකෝඩරයද ක්‍රියාත්මක කළේ වින්දිතයාගේ එකදු වදනක් හෝ මඟ නොහරින අටියෙන්.
වින්දිතයා සිය කටඋත්තරය ඇරඹුවා.

රාළහාමිට මං මේ කියන දේ කොයිතරම් ප්‍රයෝජනවත් වෙයිද දන්නෙ නැහැ. ඒත් මං කියන්නේ මං අත්දැකපු දේ මිසක් ඉන් එහා කිසිම දෙයක් නෙවෙයි. ඔය කියන දවසේ තිබුණු උද්ඝෝෂණේට අපි ලකලැහැස්ති වෙමින් සිටියේ දවස් කීපෙක ඉඳන්. මං සම්බන්ධ වුණේ ටික දවසකට ඉස්සෙල්ල. මුලදි මුලදි මට එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් ඉතින් සෑහෙන කල්පනා කරල බලල, රට වෙනුවෙන් මොනව හරි කරන්න ඕන කියල හිතුණා. අනික අපේ විශ්වවිද්‍යාලෙ මගෙ යාළුවො එක්ක කතා කරන කරන හැම වෙලාවකම මට මේ ආණ්ඩුව ගැන පුදුම තරහක්, වෛරයක්, ඇති වෙලා තිබුණෙ. කිසි කමකට නැති තුප්පහි ආණ්ඩුවක් කියල හිතුණු වාර අනන්තයි.
මේ තුච්ඡ තුප්පහි ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කියල හිතාගෙන තමයි මමත් පාරට බැස්සෙ. මේ ආණ්ඩුව ගෙදර යවනකන්ම අපි පාරට බැහැල සටන් කරනව කියන ඒ සිතිවිල්ල මටත් තිබුණා.
ඔය කියන දවසෙ පාන්දර තද නින්දෙ ඉන්න අතරෙ මං හීනෙන් දැක්ක සුදු පාට ඇඳුමකින් සැරසුණු හරිම ශෝභාමත් මනුස්සයෙක්. සීයා කෙනෙක් වගේ කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම සුදුයි. ඒ ඇස් දෙක හරිම කාන්තිමත්. හරියට හිතේ තියෙන හැම දෙයක්ම ඒ සීයාට කියල හිත හදාගන්න පුළුවන් වගේ හැගීමක් මට ආවා. ඒ සීයා මං දිහාවට නැමිල කියපු වචන ටික මට තාම මතකයි. සමාව දෙන්න පුතා. එතකොටයි ආනන්දය ලැබෙන්නෙ. එතකොටයි ශාන්තිය ලැබෙන්නෙ. එතකොටයි ශක්තිය ලැබෙන්නෙ.
එතකොටම තමයි කස්සා ඇවිත් මාව කීද්දුවේ. කස්සා කිව්වෙ මගේ රූමා. ඒ කියන්නෙ මාත් එක්ක එකට බෝඩිමේ ඉන්න සගයා. නැගිටල ලැහැස්ති වෙනගමනුත් අර වචන ටික මගේ හිතේ රැව් පිලිරැව් දෙන්න පටන් ගත්තා. මොකක් ගැන වෙන්නැති ද ඒ මනුස්සයා කිව්වෙ?
මං පොඩි කාලෙ ඉස්කෝලෙ යද්දි පොතක කියවපු සූත්‍රයක් මතක් වුණා. මට මතක විදිහට ඒ සූත්‍රයේ නම කකචූපම සූත්‍රය. බොහොම දිග සූත්‍රයක්. හිතට එන තරහ ගැන තමයි ඒ සුත්‍රයේ කියන්නෙ. රාලහාමිටත් එක්ක හොඳයි ඒක දැනගන්න එක. ඉතින් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවො කියනවා කවුරුහරි හොරෙක් එහෙමත් නැත්නම් මංකොල්ලකාරයෙක් ඇවිත් කියතකින් අපේ ශරීර අවයව කපල දානව නම්, ඒ ඩිංගට හරි අපි ඒ මිනිස්සු ගැන තරහක් ද්වේෂයක් උපදවනව නම් එතනදි අපි උන්වහන්සේගේ අනුශාසනය බැහැර කරනව කියල. අන්න ඒ වෙලාවෙ බුදුහාමුදුරුවන් අපිට දේශනා කරන්නේ තමන්ගේ ශරීර අවයව කියතකින් කපන වෙලාවෙත් ඒ හොරු මංකොල්ලකරුවන් කෙරෙහි මෙත් සිත පතුරුවන්න පුළුවන්නම් තරහ සිත් නැතිව ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරුවො ඒ සිත සමාන කරන්නේ බලල් සමකින් හදපු පසුම්බියකට. එහෙම පසුම්බි නම් මං දැකල නැහැ. ඒත් මට හිතෙනව ඒ පසුම්බිය හරිම සුමුදුවට ඇතියි කියල. ඉතින් මේ සූත්‍රය මට ඒ වෙලාවෙ මතක් වුණා.
ඇත්තම කිව්වොත් මං කියවපු බොහොම සූත්‍ර මට ඒ තරමට තේරුණේ නැහැ. ඒත් මේ සූත්‍රය මගේ හිත් ගත්තා. ඇත්තටම එහෙම හිතකින් ඉන්න පුළුවන් මිනිස් පිරිසක් මේ මිහිතලය මත ඉන්නවද කියල මට නිකමට හිතුණා. හිටියත් නැතත් අඩුම තරමින් මටවත් ඒ වගේ වෙන්න පුළුවන්නම් කියල හිතුණා.
උද්ඝෝෂණය තියෙන දිහාවට අපි යමින් ඉන්න වෙලාවෙ මගේ හිතේ තෙරපි තෙරපි තිබුණේ ඔන්න ඔය සිතිවිලි ටික.
මට මතකයි ඒ වෙලාවෙ අපි පල්ලියක් පහු කරමින් හිටියෙ. ඉස්සරහ තිබුණු ජේසු පිළිරුව දකිනකොට මට හිතුණෙ අනේ ඉතින් මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක් නේ ද කියල. කල්වාරි ගිරිසිරසට යන ගමනේදි ජේසුස් වහන්සේට කොයිතරම් නම් වද දෙන්න ඇත්ද? ඒ වද දුන්නු නපුරු මිනිස්සුන්ට උන්වහන්සේ සමාව දුන්නේ කොයිතරම් නම් අපරිමිත දයාවකින්ද කියල මට හිතුණා. කුරුසියේ ඇණගසන්නට දායක වුණු මිනිසුන්ට මෙත් සිත පතුරුවපු ශාස්තෲවරයෙක් නේද මේ කියල මට ආයෙමත් හිතුණා.
රාළහාමි ඉතින් විස්වාස කරයි ද දන්නෙ නැහැ. හරියටම අන්න ඒ වෙලාවෙ මං දැක්කා ජේසු පිලිරුව මාත් එක්ක හිනාවෙනවා. හරියට මගේ හිත කියවල වගේ. තව කිලෝමීටර් කීපයක් යන කොට අපිට පන්සලක් හමු වුණා. ඉස්සරහම දැවැන්ත බුදු රුවක්. ටිකක් විතර අවුකන පිලිමයට සමානයි.
තමන්වහන්සේගෙ නෑදෑයො ටික එකතු වෙලා ශාක්‍ය කෝලිය යුද්ධය කරන කොට බුදු හිමියන් හිනා පහල කළා කියල රාලහාමිත් අහල ඇතිනෙ. අපි පසුකරමින් හිටපු බුදු පිලිමේ යන්තම් රැඳුණු හිනාව මට මතක් කළේ ඒ කතාව.
උද්ඝෝෂනයේ ගමන් කළාට මගේ හිතේ එක විදිහක පෙරලියක් ඇති වෙනව කියල මට දැනුණා. තුච්ඡයි තුප්පහියි කියන මේ ආණ්ඩුවට සමාව දෙන්න ඕන කියල මට හිතුණා. අනික ඇයි මං මේ ආණ්ඩුව ගැන ඒ තරම් වෛරයක් ඇති කරගෙන ඉන්නෙ. ඒ ආණ්ඩුවෙත් ඉන්නෙ අසරණ වුණු මිනිස්සු ටිකක් නේද කියල මට හිතණා. මේ සසර දනව්වේ මරුවැලක පැටලි පැටලී අසරණ වෙලා යන පිරිසක් නේද කියල මට හිතෙන්න පටන් ගත්තා. රාලහාමි කියවල තියෙනවද දන්නෙ නැහැ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයාගේ රශ්මි කියන පොත. ඒකෙ තියෙනව එක කවියක් මිනිසත් බව තුළ ඇති බොල් සිදුරක් තුළ පැකිල වැතෙත්මය සිත නොදරුන් ලෙස කියල.
කියවල තිබුණෙ නැතත් කමක් නැහැ. ඉතින් ඔන්න ඔහොම හිතමින් ඉන්න වෙලාවෙ තමයි රාළහාමි, පොලිසියේ කට්ටිය අපේ සාමකාමි පාගමනට බාධා කරන්න පටන් ගත්තේ. ඒ ක්ෂණයේ මගේ හිතට ආයෙමත් තරහක් ආවා මේ කාලකන්නි හැත්ත ආවා මෙතන කියල. ඒත් ඒ එක්කම මට හිතුණා අනේ මගේ හිතේ තිබුණු නිවී සැනහුණු සොබාව නැතිවෙලා ගියා නේද කියල. රාළහාමි අහල ඇතිනෙ තොවිල්පලවල් වල ඉන්න ආතුරයෝ. අන්න ඒ ආතුරයෙක් වගේ ගතියක් මට දැනෙන්න ගත්තා. ඉතින් මට ඕන වුණේ හැකි ඉක්මනට අනාතුර වෙන්න. ඒ වෙලාවේ මගේ හිත කොච්චර නිවී හැනහිලා තිබුණද කියන එක දන්නෙ මං විතරයි. ඒ සැනහුණු නිම්නය මට පෙනි පෙනී නැතිව ගියා වගේ දැනුණා. මේ කාලකන්නි හැත්ත කියන සිතිවිල්ල මගේ හිතේ පස්සකට වුණා. ඉතින් මං ආයෙමත් අර සිතිවිලි ලෝකෙ සැරි සරමින් තමයි පා ගමනේ ගියේ. ඇත්තම කිව්වොත් මට පොලිසිය ගැන ඇති වුණේ අනුකම්පාවක්. කවුරුහරි තවත් කෙනෙකුගේ විධානයකට මේ මිනිස්සු කොයිතරම් නම් හිත, කය, වචනය කියන එක අපිරිසිදු කරගන්නවද කියල මට හිතෙන්න පටන් ගත්තා. මේ මිනිස්සු පවු නේද කියල හිතෙන්න පටන් ගත්තා.
ඔන්න ඔය වෙලාවෙ තමයි මං ගාවට රාලහාමිලා දෙන්නෙක් ඇවිත් තදින් මගේ අත් දෙකෙන් අල්ල ගත්තේ. ඒ අල්ල ගත්ත වෙලාවෙ මට ආයෙමත් මතක් වුණේ අර කියතේ කතාව. නෑ මං මේ දෙන්නට වෛර කරන්නෙ නැහැ කියල මං හිතාගත්තා.
ඒගොල්ලො මොනවද මට කියනව ඇහුණා. ඒ ඇහුණත් මං අවට ලෝකයට ඒ තරම් අවධානයක් දුන්නෙ නැහැ. මට ඕන වුණේ මගේම සිතිවිලි නිමනයේ හුදෙකලාව සැරිසරන්නට.
ඔය වෙලාවෙ තමයි අර මහත රාළහාමි ඇවිත් මගේ කම්මුලට පාරක් ගැහුවෙ. මං කෙට්ටු නිසා මට ඒ කම්මුල් පාර සැරට වැදුණා. මම අර කියතේ කතාව සිහි කරමින් හිටපු නිසා වෙන්නැති මට පොඩ්ඩක්වත් වත් ඒ පහර රිදුම් දුන්නෙ නැහැ. මට ඒ මහත රාළහාමි ගැන පොඩ්ඩක්වත් තරහක් දැනුණෙත් නැහැ. වෙඩි පහරකින් මගේ හිස සුන්නද්දූලි කර දැමුවත්, ඒ නිසා මගේ කය බිඳීමකට ලක් වුණත්, මගේ මෙත් සිත විනාස වෙන්න දෙන්නෙ නැහැ කියන තිර අදිටනින් මම හිටියා. මාව විසි වුණත් මගේ හිත විසිරුණේ නැහැ.
මට ඒ වෙලාවෙ දැනුණේ එකම එක දෙයයි. ඒ එකම දෙයට මං හිතන්නෙ වචන තුනක් කියන්න පුළුවන්. ආනන්දය. ශාන්තිය. ශක්තිය. ඒකට මම ණයගැති වෙන්න ඕන ඒ පොලිස් අධිකාරිතුමාට.

සිය පෑන ඉවතලූ තරුණ පොලිස් නිලදරුවා ජංගම දුරකථනයේ රෙකෝඩරය ක්‍රියා විරහිත කොට හිඳි අසුනේ පසෙකට වූවා.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-83255176431737763842018-11-18T22:44:00.000-08:002019-05-22T22:53:50.611-07:00අද නොවැම්බර් 18

අද නොවැම්බර් 18
දිනපොතක සටහන් කර නොගත්තාට
2005 මේ දිනය මට තවමත් මතකයි.

අගමැති මහින්ද රාජපක්ෂට
ඔහුගේ 60 උපන්දිනයට
ජනතාව තෑග්ගක් දුන්නා.
ඒ තෑග්ග
මේ රටේ ඉතිහාසය තීරණය කළා.

කළ වැරදි නම් අපමණ ඇති.
සල්ලි හොරකම් කරන්න ඇති නැති වෙන්න
තක්කඩිකම් මැරකම් කරන්නත් ඇති නැති වෙන්න
ඇයි පවුල් පාලනය… සහෝදර සමාගම…?

ඒත්…

මොන පාලකයා ද එහෙම නැත්තෙ?

පැරීසියෙ ත්‍රස්ත ප්‍රහාරය
කන වැකුණහම මට මතක් වුණේ මේ තක්කඩි පාලකයා
එදා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිතයින් පිළිගත්තු හැටි
ඇඹිලිපිටියට ගෙන්නගෙන කිව්වෙ
පටන් ගත්තු යුද්ධය අවසන් කරන්නෙ නැහැ කියල.
එදා මේ මනුස්සය ඇතුළෙ මම දැක්කෙ රජෙක්.
රජකමින් හිස උදුම්මගෙන කටයුතු කරපු අත්තනෝමතික පාලකයෙක්.
ජාත්‍යන්තරයත් සමඟ සුහදව ගනුදෙනු කරන්නට ඉගෙන ගත යුතු නායකයෙක්.
ඒත් ප්‍රංශය අද කරන්නෙ එදා ඔවුන්ම මහින්දට එපා කියපු දේ නේ ද?

පුදුමයි නේ ද?

යුද්ධය, ත්‍රස්තවාදය, හමුවේ හැම පාලකයෙක්ටම පය පැටළුණා.
මහින්දට වැරදුණු තැන් බොහොමයි.
ඔහුට ඉංගිරිසි බැහැ.
ඔහුට පරිණත දේශපාලන පරිඥානයක් තිබුණෙ නැහැ.
ඔහුට හරියට කතාවක් පවත්වන්න අමාරුයි.
ඒත් ඔහු එක දෙයක් කළා.

යුද්ධය අවසන් කළා.
ත්‍රස්තවාදය අවසන් කළා.

"කමක් නෑ බං යුද්දෙ දින්නනෙ"
යම් පෙර දවසක
තමන්ගෙ ජීවිතය දෙයියන්ට බාර කරල
තමන්ගෙ ජීවිතය ගැන විශ්වාසයක් නැතිව
ගෙදරින් එලියට බැහැපු
සිංහල, දෙමල, මුස්ලිම් හැම පුරවැසියෙක්ම
මේ මනුස්සයාට ණයගැති විය යුත්තෙ ඒ නිසා.

මනුදහමට පිටින් යන්නට තැත් කළ නිසා මනුදහම මහින්දව පරාජය කළා.
මියෙන තෙක්ම බලයට ලොල්ව කල් ගෙවන්නට ඔහුට අවකාස ලැබුණෙ නැහැ. ඒ නිසයි සොබා දහම නිසි කලට ඔහුව විශ්‍රාම ගැන්වූයෙ.
ඔහු යන්නෙ සොබා දහමින් ඔහුට දායාද කළ ගමන.
අප යමින් සිටින්නේ සොබා දහම අපට දායාද කළ ගමන.

ප්‍රංශයේ ත්රස්තවාදයට විරුද්ධව කොඩි ඔසවන අපි අපද කලෙක පෙළුෑ ත්‍රස්ත සැකකරුවන් කිසිදු පුනරුත්ථාපනයකට ලක් නොවී මුදා හැරෙන දෙස අපි බලා සිටිනව.

අප කම්පනයට පත් වෙලා ද?
අනාගතය ගැන යම් අනියත බියක් අප තුළ වෙත් ද?
ඡන්දයකින් අප තෝරා පත්කරගන්නේ අපට සුදුසු පාලකයන්ම නොවේ ද?

මේ තමා සොබා දහම අපට උරුම කර දුන් මග.
ඔහු යන්නෙ සොබා දහමින් ඔහුට දායාද කළ ගමන.
අප යමින් සිටින්නේ සොබා දහම අපට දායාද කළ ගමන.

ඒ අතරෙ ඇත්තෙ අපට අමතක නොවන නොවන දෙයක්.
මේ රටේ ඉතිහාසය තවත් ඉකිහාසයක් නොවන්නට උර දුන් අපූරු මිනිසෙකු අප ජීවිත කාලයේ දී සිටි බවයි ඒ.

නොවැම්බර් 18
දිනපොතක සටහන් කර නොගත්තාට
මට මතක ඇත්තේ ඒ නිසා.
ඒ දිනය මතක ඇති මිනිසුන් සිටින තාක් කල්
මහින්ද රාජපක්ෂ නම් ඒ සොඳුරු ආඥාදායකයාට හෘදයාංගම උපන්දින සුබ පැතුම් නොඅඩුව ලැබේවි.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-81000843046561012042018-04-22T22:35:00.000-07:002019-05-22T23:13:52.037-07:00 ඉදිරියට යන්නෙ නැහැ මේ රිය පෙල

ඒ රිය තදබදයට
නොවී කිසිත් හේතුවත් එදින.
පාසැල් දිනයක් ද? නෑ.
කාර්යාල දිනයක් ද? නෑ.
රිය තදබදය උත්සන්න වෙන හෝරාව ද? නෑ.
වැහි චුරු චුරුව පැවතියා දිගටම
හිටියේ නැහැ කිසිදු පොලිස් නිලදරුවෙකු
වැවෙන රිය තදබදය පාලනය කරන්නට.
කෙමෙන් කෙමෙන් වැඩුණා එ් රිය තදබදය
කිලෝමීටර් ගණන් හැතැප්ම ගණන් ඉදිරියට
ඉදිරියට යන්නෙ නැහැ මේ රිය පෙල
එක තැනටම වී දැන් පැය ගානක්
කිසිවෙකුත් නැහැ මේ දුක කියන්නට
ආතතියට පීඩනයට ගොදුරු වුණා
ඇතුලේ සිටි ලොකු පොඩි මහත්වරු නෝනාවරු ළමාවරු
උහු සියල්ලෝම අවසානයේ දී
අත්හැරියා රථයට ඇති ආසාව
ජීවිතය වෙනුවෙන්
තියෙන තැන තියෙන්නට ඇර එලෙසම
රියෙන් බැස
උහු සියල්ලෝම
පටන් ගත්තා ඇවිද යන්නට.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-70275122215790921612018-03-18T22:36:00.000-07:002019-05-22T23:32:24.038-07:00ඔබ පුදන මලට සාධාරණයක් ඉටු කරන්න.

‘තේ එකක් බොනවද?”

‘ඔව් නේද. ඒ සම්ප්‍රදායත් කඩන එක හොඳ නැහැනෙ.’

අැඟට පතට නෙදැනී අයියා කරපු ඒ අනුමතය සමඟමම මම රථය අපේ ප්‍රියතම ආපන ශාලාව වෙතට හැරෙව්වා.

ඒ ආපන ශාලාවට අපි ප්‍රිය කළේ කාරණා කිහිපයක් නිසා. නිදහසේ ඉඳගෙන කතා කරන්නට ඉඩ හසර තිබීම එකක්. ඒ වාගේම කෙටි අාහාර වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ හැමටව වඩා හොඳම දේ තමයි ඒ ආපන ශාලාවේ හැදුණු තේක. සීනි නෙමැතිව පානය කරන්නට හැකි ලෙස කහට ගානට කිරි ගානට තිබුණු ඒ තේක බොහෝ ප්‍රණීත වුණා.

“ඔයාම ඒ කතන්දරය මල්ලිට කිව්ව නමි තමයි හොඳ,” කෙටි ආහාර පිඟානත් තේ කෝප්ප දෙකත් සමඟ මේසයක් අසළ හිඳගෙන මෙහි එ්මට පෙර අප කතා කරමින් හිටි මාතෘකාවට එළැඹුණා.

අපේ ඥාති මළණුවන්ට අවශ්‍ය වී තිබුණේ ඔහු දන්නා හඳුනන අාරණ්‍යයක බෝ රුකක් සමීපයේ වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාව ඉවත් කොට වඩා විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉදි කිරීමට. ඒ කටයුත්ත සඳහා ආධාර එකතු කර ගැනීමටයි අපේ මලනුවන්ගේ සූදානම.

බොහොම පිංවන්ත අදහසක්.

ඒත්…

අපිට ඇති වෙන බොහොමයක් පිංවන්ත අදහස් වග එතරම් තේරුමක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද බුද්ධ ප්‍රතිමාව වැඩ ඉන්න ඕන බුදු ගෙයි තුළ. එතැන වැඩ ඉඳගෙන ඇසතු බෝ රුක දිහා අනිමිස ලෝචනයෙහි යෙදෙමින් සිටින බුදුරජාණන්වහන්සේ තමයි අප මනසේ ඇඳිල තියෙන්නෙ. ඉතින් බෝරජුන් ගාවම බුද්ධ ප්‍රතිමාවක් හදනව කියන එක එතරම් තේරුමක් නැති වැඩක්. ඒ වගේම ඊට වියදම් කරන මුදල් ඊට වඩා බොහෝ කුසල් සහ පින් වැඩෙන දේකට යොදන්න පුළුවන් නම් තමයි හොඳ.

‘ඒ මල්ලි හරිම ශ්‍රද්ධාවෙන් නේ ද ඉන්නෙ.’

“මං හිතන්නෙ ඕකට හරි යන වචනය තමයි භක්තිය.”

‘මං මේ අහන්ත් කියල හිටියෙ… ඇත්තටම ඔය භක්තිය කියන එකයි ශ්‍රද්ධාව කියන එකයි අතර වෙනස මොකද්ද?’

‘මට දැනෙන විදිහට, වැටහෙන විදිහට, ඔය වෙනස එන්නෙ මෙහෙමයි.’

අයියා මලෝ දෙන්නා තේ කෝප්ප දෙක පැත්කට කළා. එකෙක් පැහැදිලි කරන්න. අනෙකා අහගෙන ඉන්න.

‘ශ්‍රද්ධාව කියන දේ ඇති වෙන්නෙ අවබෝධයෙන්. උදාහරණයක් කිව්වොත් බුදු ගුණ මෙනෙහි කරන කොට අපි කියනවනෙ බුදුරජාණන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක කියල. ඉතින් ඕක බොහෝ වෙලාවට කෙරෙන්නෙ ගිරව වගේ මන්තරය ජප කරන එකනෙ. දැන් හිතන්න අපි පොඩි ළමයි වගේ බෝනික්කො එක්ක සෙල්ලම් කාර් එක්ක සෙලලම් කරන්නෙ නැහැ. ඇයි ඒ? මොකද අපි දන්නව එතන තියෙන්නෙ වැඩිහිටි බාසාවෙන්ම කියනව නමි මායාවක් කියල. ඔතනින් ටිකක් එහාට ගිහින් අපි ගනිමු යම් මානසික තලයකට පැමිණි පුද්ගලයෙකු. සාන්තුවරයෙක් කියමුකො. ඇයි එයා සමජයේ සම්මත වැරදි වැඩ කරන්නෙ නැත්තෙ? මොකද එයාට ඊට වඩා රසවත් දෙයක් තියෙනව. එයාට බිබී යාළුවො එක්ක පල් හෑලි කතා කර කර ඉන්නවට වඩා රසවත් භාවනාවෙන් සමාධිතලයට ගිහින් ඉන්න එක.’

“මට මතක් වෙන්නෙ බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ කියපු කියමනක්. මෙඩිටේෂන් ඉස් බෙටර් දෑන් සෙක්ස් කියල. ඉතින් ඔයාගෙ කතාව කියන්නකො.”

‘අන්න හරි. ඔයා නියම තැනට අාවා. ඔන්න ඔය කියන තැනට පොඩිත්තක් හරි අපි ළඟා වෙලා ඊළඟට බුදුහිමියන් ගැන හිතන්න පටන් ගන්නවා. ඇත්ත නේන්නම් මට මෙහෙම නම් ලොවුතුරා බුදුහිමියනට කොහොම ඇත්ද? රහසින් වත් පව් කරන්නෙ නැත්තෙ ආය කාටවත් බයේ වත් කවුරුත් දකීවි කියල ලැජ්ජාවෙන් වත් නෙවෙයිනෙ. ඒ පවටවත් පිනටවත් කිසිම අෑලීමක් නැති හින්ද නේද කියල හිතෙන්න පටන් ගන්නව. එතකොට අාන්න බුදුහිමියන් ගැන පුංචි අවබෝධයක් ඇත වෙනව. එහෙම නැතිව භක්තිය තියෙන කෙනාට හිතෙන්නෙ ඔය කිව්වට බුදුහාමුදුරුවොත් හීනියට අඩියක් ගහන්න ඇති කියල. එහෙමත් නැත්නම් නොපෙනෙන ලෝකය ගැන විස්වාසයක් තියෙන කෙනෙක් හිතන්නෙ දේවතාවන්ට බ්‍රහ්මයින්ට පෙනේවි කියල බයෙන් ලැජ්ජාවෙන් බුදුහිමියන් පව් කරන්න නැතිව ඇති කියල. ඒත් ශ්‍රද්ධාව තියෙන කෙනා බුදුහිමියන්ගේ අරහං ගුණය ගැන පුංචි අවබෝධයක් ඇති කර ගෙන ඉන්නෙ. ඒ ශ්‍රද්ධාව භක්තිය වගේ කෙනෙක්ට වට්ටන්න බැහැ.’

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-54930247084469690032018-02-04T22:46:00.000-08:002019-05-22T22:52:34.478-07:00අනාගත පෙබරවාරි හතරවෙනිදාවක

බබලන කාල වර්ණයෙන් යුතු බෙන්ස් ලිමොසින් රථය ගමනින්තයට ළඟා වූයේ අභිමානවත් රථ පෙරහරක්ද සමඟ ය. එක්සත් ශ්‍රී ලංකා රජධානියේ අභනව ජනාධිපතිවරයා රැස්ව සිටි ජනකායට ආචාර කරමින් රථයෙන් බැස්සේ ය. බටහිර පන්නයේ අලංකාර ඇඳුමකින් සැරසුණු මේ රාජ්‍ය නායකයා රතු පලස මතින් තමා වෙනුවෙන් වෙන් කළ වේදිකාව වෙතට ගමන් කළේ ය.
වේදිකාවට අවතීර්ණ වූ ඔහු සිය කතාව ඇරඹීය.
"අද අපි මේ රැස් වී සිටින්නේ මේ දේශයේ ඉතිහසය වෙනස් කරන පරිච්ඡේදයකට. මෙතෙක් කග් බෙදා වෙන් ව සිටි ජාතියක් ව සිටි අප අද මේ ගන්නා දැවැන්ත, ඒ වගේම ඓතිහාසික, පියවරින් එකමුතුවනැගී සිටිය යුත්තේ ඒ සා බෙදී වෙන් කරන ශක්තීන් මුලිනුදුරා දැමීමෙන්. තව සුළු මොහොතකින් අප සැවොම සාක්ෂි දරන මේ සිදුවීම අපේ ඉතිහාසය නව පැතිකඩකට මුලපුරන බව මට සහතිකයි."
ඉන්පසුව ජනාධිපතිවරයා එල්ලා මැරීමේ ආඥාව කියැවීමට පටන් ගත්තේ ය.
“උපජනාධිපතිවරු දෙදෙනා විසින් අත්සන් කරන ලදුව ශ්‍රී ලංකා එක්සත් ජනරජයේ පලමු ජනාධිපතිවරයා වන මා විසින් දැන්…”
ඉන්පසුව එළඹීයේ උත්සවාකාරයෙන් වෙඩි තබා මැරීමේ මොහොතයි.
පොලිස් අශ්වාරෝහකයන් විසි දෙනා ගාලු මුවදොරට පඅමිණ එකපෙලට හිටගත්තේ තමා ඉදිරියේ සිටින වරදකරුවන් විසිදෙනා නිල වශයෙන් වෙඩි තබා ජනාධිපතිගේ ඝාතන තීන්දුව ක්‍රියාත්මක කිරීමටයි. චූදිතයින් විසි දෙනා වෙනම වේදිකාවක් මත කණු මත සිටුවා තබනු ලැබුවා. වෙඩි මුරය පැවැත්වුණේ එකවර. විසිදෙනෙකු එකවර තැබූ වෙඩි පහරක් නිසා ඒ හඬ දෙරණ සිසාරා ගිගුම් දුන්නා. වෙඩි මුරයෙන් මතු වුණු ධුමය අහස් කුස වසා ගත්තා. සුදු පැහැතිව පැහැදිලිව තිබුණු නුබ කුස ඒ ධූමයෙන් අඳුරු වුණා.
රැස් කකා සිටි ජනපොදිය ඔල්වරසන් දෙන අතරේ මිනිස් ලේ ගලා ගොස් මුහුදු ජලයට එකතු විය. අගනුවර කොණක සාගින්දරෙන් පෙළුණු ගවයෙක් තාප්පයක තිබුණු පෝස්ටරයක් උලා කෑවා. එහෙත් තවත් පෝස්තර් පොදියක්ම අලවා තිබුණෙන් උගේ සාගින්දරට ඒ ප්‍රමාණවත් වුණා. භික්ෂු භීෂනය අදින් අහවරයි යනුවෙන් ඒ පෝස්ටර් වල සටහන් වී තිබුණා.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-9331043063800569802015-01-03T20:41:00.001-08:002015-01-03T20:41:49.454-08:00ඒ සුවඳ කුමක්ද?

අත්දැකීම් ස්වකීය පරකීය වශයෙන් දෙයාකාර බව අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් මේ පරකීය අත්දැකීම් හරිම විවිධාකාරයි. අපි නිරතුරුවම ඇසුරු කරන පිරිසත්, ඒ වගේම ඔවුන්ගේ හිතවතුන් ගැන අප සමග බෙදා හදාගන්නා තොරතුරු, වශයෙන් එ්වා දෙකට බෙදන්නත් පුළුවන්. එ් නිසාම කිසිම දිනෙක ඇහැට නොදැකපු පුද්ගලයන් ගැන රසවත් කතන්දර අපිට අහන්න ලැබෙනවා.

සමරනායක ආච්චි කියන්නේ මම කවදාවත් දැකපු කෙනෙක් නොවේ. ඒත් ඇය ගැන අහන්න ලැබුණු එක එක කතන්දර වලට මම ඇලුම් කළා.

මුලු ජීවිත කාලෙටම ඇය විවාහයක් කරගත්තෙ නැහැ. මගේ සොහොයුරා කී පරිදි ඇය ගත කලේ රහසින් වත් පවු නොකරන ජීවිතයක්. ඔහු නිතර සඳහන් කරන අපේ ගේ මැදින් දිවෙන දේවපාදය ගැන ඇති වන කතාබහක දී සමරනායක ආච්චි සිහිපත් කරන්නට මගේ සොහොයුරා අමතක කරන්නෙ නැහැ.

මේ ඔහු කී කතාවක්.

අපෙ පුංචි, ඒ කියන්නෙ අම්මගෙ බාලම නංගි, විවාහ වෙන්න කලින් කාලයක් අපෙ ගෙදර නැවතිලා ඉඳල තියෙනවා. සමරනායක ආච්චිගෙ ගෙදර තිබුණේ අල්ලපු වැටේ නිසා පුංචි නිතරම වාගේ එහෙ යන්න එන්න පුරුදු වෙලා හිටියා. දවසක් මොකක්ද වැඩකට පුංචි එහෙට ගිහින් තියෙනවා. ගෙදර කවුරුත් ඉඳල නැහැ.

නිකමට වගේ බුදු කුටියට ඇවිදගෙන යනකොට ඉබේම දොරවල් ඇරිලා. පුංචි හිතල තියෙන්නෙ හුලඟට කියල. ඉතින් ඇතුළට යනකොට අමුතු සුවඳක් ඇවිල්ල තියෙනවා.

ඒක හරිම අපූරු සුවඳක්. පුංචි ඒත් බලල තියෙන්නේ හඳුන්කූරක්වත් පත්තු කරල තියෙනවද කියලා. කිසිම හඳුන්කූරක් පත්තු කරල තිබුනේ නැහැ. අදටත් එ් සුවඳ කුමක්ද කියා ප්‍රශ්ණයක්. එ්කට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඈතින් හමා ආපු සුවඳක් කියලත්.

කොහොම වුණත් එ් සුවඳ ඊට පස්සෙත් ආවා කියල තමයි මට මතකයි විදිහට සොහොයුරා කිව්වේ. ඊට සමාන සුවඳක් දේව පාදය දිවෙන සේපාලිකා ගහ ළඟින් ?ට ?ට හමනවා කියලයි ඔහු කියන්නෙ. එ් සුවඳ හැමදාම අත්විඳින්න පුළුවන් සුවඳකුත් නෙවෙයි හැබැයි.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-26222634204304126802014-12-25T23:35:00.000-08:002014-12-25T23:35:30.167-08:00මම දැක්කා ඔබ කුමාරයෙක් වගේ...

ඔහුගේ දුරකථනයට පණිවුඩයක් ආවා. ඔහුගේ සොහොයුරාගෙන්.

”මම දැක්කා ඔබ. ඔබ හිටියේ ඉතාමත් සෝබාමත් ලෙස. හරියට කුමාරයෙක් වගේ...”

ඔහුගේ සොහොයුරා ඔහු දැක තිබුණේ සිහිනෙන් නොවේ. මොහොතකට පෙර ඔහුගේ රුව ඔහුගේ සොහොයුරාගේ සිත්හි මැවී නොපෙනී ගොස්. මෙවන් සිදුවීම් අපට අහන්නට ලැබෙන්නේ ජීවතුන් අතර සිට මලවුන් අතරට ගිය උදවිය ගැනයි. එ්ත් මේ කතාව ජීවමානව සිටින, දේශසීමාවෙන් පමණක් වෙන් වුණු, පුද්ගලයන් දෙදෙනෙකු ගැනයි. අරුමය ඇත්තේ මෙතැන පමණක් නොවේ.

මගේ මිතුරාගේ සොහොයුරාට ඔහුව මනැසින් හදිසියේම පෙනෙන්නට හේතුව කුමක් විය හැකි ද? මගේ මිතුරා එය පැහැදිළි කළා.

”ඔහු දුරකථන පණිවුඩය එවන්නට මොහොතකට පෙර මම සිටියේ ඉතාමත් ප්‍රීතිමත් සිතකින්. මගේ සිත ධ්‍යානගතව තිබුණා කියල කියන්නෙ නැහැ. එ්ත් එ් මිනිත්තුව දෙක හරි මම ගත කළේ ප්‍රීතියෙන්.”
මගේ මිතුරා ප්‍රීතිය කියන වචනය බරක් ඇතිව භාවිත කරන බව මට හැඟුණා.

”එ් ප්‍රීතිය වචන වලට හරවන්න හරි අමාරුයි. එ්ත් ඔබට යම් අදහසක් දිය යුතු නිසා මං හැකි අන්දමින් විස්තර කරන්නම්.”

නිහඬව මම ඔහුට අවධානය යොමු කළා.

”මේ ලෝකේ කිසිම කෙනෙක් සමඟ මගේ ගැටුමක් නැති බව මට එ් මොහොතේ වැටහුණා. කිසිම කෙනෙක් සමඟ, එ් වගේම කිසිම දෙයක් සමඟ. එ් වැටහීමත් සමඟම කියා ගන්න බැරි හැඟීමකින් මාව වෙලා ගත්තා. මම දැනගත්තා එ් තමයි ප්‍රීතිය බව. රහ කෑමකින් එ් ප්‍රීතිය ලබන්න බැහැ. විශිෂ්ඨ ගණයේ කලා කෘතියකින් වත් එ් ප්‍රීතිය ලබන්න බැහැ. තනිකරම සිතින් උපදින එය පීති සම්බොජ්ඣංගයට සමීප බව මට වැටහුණා.

අවට හරි සද්දයි. එ්ත් එ් කිසිම දෙයක් සමඟ කිසිම ගැටීමක් නැතිව මගේ හිත නිස්සද්දවම ප්‍රීතිය විඳිමින් හිටියා. හරියට බ්‍රහ්ම ලෝකයක ධ්‍යානගතව සිටින බ්‍රහ්මයෙක් වගේ. මම හදවතින් සිනාසෙන්නට පටන් ගත්තා එ් ප්‍රීතියෙන්.

එ්ත් එ් ප්‍රීතිය රැුඳුණේ මිනිත්තුවක හෝ දෙකක කාල පරාසයක් තුළ. ඉන් පසුව එ් හැඟීම ටිකින් ටික අඩු වුණා. ඊට ටිකකට පසුව තමයි මගේ දුරකථනයට මගේ සොයුරා අර පණිවිඩය එවා තිබුණේ.

”මම දැක්කා ඔබ. ඔබ හිටියේ ඉතාමත් සෝබාමත් ලෙස. හරියට කුමාරයෙක් වගේ...”

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-61471920359132539732014-06-04T07:54:00.003-07:002014-06-04T07:54:35.402-07:00ඒ මිහිරි තේ කෝප්පය

ඉතා කුඩා දේ දැනෙන විට ජීවිතය දකින්න පුළුවන්. එතැන තමයි ජීවිතය ඇත්තේ. තේ
කෝප්පය තොළ ගාන අතර මං ඒ සිතිවිල්ලේ නිමග්න වුණා. මගේ තේකට සීනි නෑ. කිරි
නෑ. තේ කොල සමග නැහැවුණු උනු වතුරක ඇත්තේ පුදුමාකාර රසයක්. ඒ රසය සීනි දාපු
කිරි තේකකින් ගන්න බැහැ.

ඒ රසය තමයි තේ රසය කියන්නෙ.

මේ අවබෝධයත්
එක්ක පෙර නුවු විරූ සතුටකින් මා නැහැවෙන්නට පටන් ගත්තා. මම කොහොමත් තේ වලට
පෙරේතයි. සීනි දාපු කිරි තේ හරිම රහයි. ඒත් මට දැන් තේරෙනවා ඉතා කුඩා තේ
කොප්පයක රසය කොයි තරම් මිහිරි ද කියල.

කිරි ද සීනි ද නොමැති තේ කොප්පය තොල ගාන අතරේ උණුසුම් තේ මගේ උගුරින් පහලට හෙමින් හෙමින් ඇදී යන අයුරු මම බලා ගෙන හිටියා.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-60516725885642907122013-03-31T04:57:00.003-07:002013-03-31T04:57:59.936-07:00සරත්ගේ ජරා වැඬේ

”ඔයාට මතකද ඔයාගේ තාත්තා පොඩි කාලේ කරපු ජරා වැඬේ?”
මගේ තුරුලේ හිටි ඇගෙන් මං එහෙම ඇහුවේ යම් අවදානමක් දරාගෙන.
”මොන ජරා වැඬේ ද?”
මං හිතුවා හරි. ඇගේ ස්වරය එතරම් හොඳ නැහැ. ටිකක් තරහ ගිහින් වගේ ඇය කතා කළේ.
”අර අහවලත් එක්ක එකතු වෙලා කරා කියපු වැඬේ.”
මඳ පමණින් විස්තර සමඟ ඇයට කතාව මතක් කළා. ඇගේ මුහුණට නැගුණා සිනහවක්. එ් සමඟම ඈ කතාව කියන්නට පටන් ගත්තා.

සරත් තමයි පන්තියේ හිටපු දඟම ළමයා. පන්තියේ ගුරු මණ්ඩලය කොයි වෙලේත් බයේ හිටියේ ඔහු කුමක් හෝ දඟ වැඩක් කරාවි කියා. එ් තරමටම වසවර්ති මාර වැඩ කළේ. හැබැයි පන්තිභාර ගුරුතුමියට එ් සෙල්ලම් ඇල්ලූවේ නැහැ. හැමදාම වගේ ඇගේ දඬුවමට ලක් වුණා අපේ සරත්.
ඉතින් නිතොර වසවර්ති මාර වැඩ කරපු සරත්ටත් මේ පන්තිභාර ගුරුතුමිය එතරම් ඇල්ලූවේ නැහැ. කොයි මොහොතේ හරි ඇයට පාඩමක් උගන්වන අදිටනක් සරත්ට තිබුණා. ඔහුගේ විවේකි මොහොතක් ගෙවුණේ එ් සඳහා කදිම සැලැස්මක් සිතා ගන්නට.
දවසක් ඔහුට කදිම සැලැස්මක් කල්පනා වුණා.
සිය සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු තවත් සගයෙකු එකතු කර ගත්තා. එදා වැහිබර හැන්දෑවක්. පාසැලේත් කවුරුත් රැුඳී සිටියේ නැහැ. එ් නිසා සරත්ට සිය සැලසුම ක්‍රියාත්මක කරන්න එතරම් අපහසුවක් වුණේ නැහැ. එ්ත් කොයිකටත් සූදානම් සරීරෙන් සිටිය යුතු නිසා, සිය සගයා පන්තිකාමරයේ ෙදාරටුව ළඟ හිටෙව්වා. ඈතින් කවුරුන් හෝ එනවා නම් වහාම ඔහු සංඥවක් දිය යුතු යි.
හරි දැන් ඔක්කොම ලැහැස්තියි.
ඉතින් හෙමින් සැරේ වැහිබර සීතලත් දරාගෙන සරත් සිය යෝධ සැලැස්ම ක්‍රියාත්මක කළා. සැලැස්ම අහවර වුණු පසුව ඔහුට මහත් සහනයක් දැනුණා. සිය සගයාත් එකතු කර ගෙන ළඟ කඬේකට ගිහින් කහට කෝප්පයක් බීලා සිය සැලැස්ම සාර්ථක වුණු ප්‍රීතිය භුක්ති වින්දා.
පහුවෙනිදාට උදා වුණා. පන්තිභාර ගුරුතුමියත් වෙනදා වාගේම පන්තිකාමරයට පැමිණෙන විට සියලූම ළමයි නැගී සිටියා ‘ආයුබෝවන්’ කියාගෙන. කොහොමින් කොහොම වුණත් සරත්ගේ හිතට එතරම් හරි නැහැ. ටිකක් බයත් වගේ ගතියකුත් දැනුණා.
එ් මුකුත් නොදන්න පන්ති භාර ගුරුතුමිය කලූ ලෑල්ලේ ලියපු යම් දෙයක් මතක් කරන්න ලාච්චුව ඇරල අත ඇතුලට දැම්මා මකනය, එහෙමත් නැත්නම් ඩස්ටරය, එලියට ගන්න. එ්ත් එක්කම වගේ ඈ නඟපු හඬ විලාපයක් ද නැත්නම් වෙන දෙයක් ද කියලා සරත්ට හිතා ගන්න බැරි වුණා. ඔහුගේ කන් බීරි වුණා වගේ දැනුණා.
”කවුද මේ වැඬේ කළේ?”
ළමයි එකිනෙකාගේ මුහුණ දිහා බලන්න වුණා. ගුරුතුමිය කතා කරන්නෙ කුමක් ගැන ද කියල ඔවුන්ට සිතා ගන්නට නොහැකි වුණා. ඇය කතා කළේ තවමත් අත ලාච්චුව ඇතුළේ තියාගෙන. ලාච්චුව ඇතුළෙ කවුරුහරි සතෙක් වත් ද? ගෙම්බෙක් වත් පැනලද? එ්ත් ටික මොහොතකින් සියල්ලන්ටම කාරණය වැටහුණා, ගුරුතුමිය අත එලියට ගත්තට පස්සෙ.
ඇගේ අත අසූචි වලින් නැහැවිලා.
ඊට පස්සෙ කුමක් ද සිදු වුණේ? සරත් අහු වුණා ද? නැත්නම් ඔහුගේ මිතුරා ඔහුව පාවා දුන්නා ද?

මම ඇය දෙස බලා සිටියේ මේ ප්‍රශ්න හිතේ තියාගෙන.
”තාත්තා අන්තිමේ දි අහු වුණා. එයාගේ යාලූවා එයාව පාවල දුන්නා.”
”හරි පුදුමයි නේ. පිරිමි ළමයි සාමාන්‍යයෙන් පාවල දෙන්නෙ නැහැ නේ ද?”
මං එහෙම කිව්වේ ඇය මා හා එකඟ නොවෙයි කියා සිතාගෙන.
”එ්ක තමයි. නමුත් කොල්ලො කාලෙ බයටත් ඔය වගේ වැඩ කරනවා මං හිතන්නේ. තාත්තගෙන් අහන්න ඕන ඊට පස්සෙ මොකද වුණේ කියල.”
ඉන් එහාට අහන්න දෙයක් මට තිබුණේ නැහැ. මං මගේ බිරිඳ දෙස බලා සිටියා.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com3tag:blogger.com,1999:blog-1147188383729036097.post-55132250845446335352013-03-16T02:49:00.000-07:002013-03-16T02:51:58.590-07:00සීනුවට ඇරියුම් කිරීම නොහොත් සමාධියෙන් දිවි ගෙවීම

අද වන විට අන්තර්ජාලය කියන්නේ බොහෝ දෙනා සැරිසරන තැනක්. අයහපත් දෙයින් පිරුණු තැනක් ලෙස බොහෝ දෙනා හැඳින්වුවත් අන්තර්ජාලය මගේ ජීවිතයේ මහා වෙනසක් ඇති කළා. මා ප්‍රිය කරන මගේ ජීවිතයේ බොහෝ විරුවන් මුලින්ම හමු වූයේ අන්තර්ජාලයේ.

මගේ සගයන් පිටු සකසන අතරතුර අන්තර්ජාලයේ ඉබාගාතේ සැරිසරන විට මට හමු වුණා ලස්සන වෙබ් අඩවියක්.

http://invitingthebell.com නමින් එය හැඳින්වෙනවා.

මා කොතෙකුත් අසා ඇති මගේ ප්‍රියතම අජාන් බ්‍රහ්මවංසෝ දේශනය, කරදරකාරයින් සමඟ දිවි ගෙවන්නේ කෙසේද, යන්න එහි කැටි කොට තිබෙන්නේ මෙළෙස.

එක. ඇදුරන් ලෙස ඔවුන් දැක ගැනීම. ඉවසීමත් කරුණාවත් පරීක්ෂා කළ හැක්කේ ඔවුන් මඟින් පමණයි.

දෙක. ඔවුන් සමඟ ඔබ ගෙවන්නේ ටික වෙලාවයි. වැඩිම වුණොත් පැය ගාණක් වෙයි. එ්ත් ඔවුන්ට ඔවුන් සමඟ දවසම ගත කරන්න වෙනවා. ඔවුන්ට අනුකම්පා කරන්න.

තුන. අනිත්‍යයි කියන දේ මතක තියා ගන්න. හැමදාම ඔවුන් එ් විදිහට ඉන්නෙ නැහැ. එ් නිසා හැමදාම ඔබට එය දරා ගත යුතු වෙන්නෙත් නැහැ.

හතර. ඔවුන්ගේ හොඳ ගතිගුණ ගැන සිහි කරන්න. එ්වා ගැන කියමින් ඔවුන් දිරිමත් කරන්න.

පහ. නිරන්තර කරුණාවෙන් ඔවුන් වෙනස් කරන්න උත්සාහ කරන්න.

හය. යහපත් විවේචනය කියන්නේ හරියට සැන්විච් එකක් වගේ. විවේචනය ඇතුළත් වෙන්න ඕන අගය කිරීම ඇතුළේ.

හත. එ් මනුස්සයා නරක් වෙන්න ඔබත් හේතු වෙන්න පුළුවන්.

අට. පැත්තකට දාලා පැත්තකට වෙලා ඉන්නවට වඩා, කරදරය ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කරන්න.

නවය. ඔවුන්ව කරදරකාරයන් වෙන්නෙ සමහර විට ඔබ හිතන විදිහ නිසා විය හැකියි.

මෙන්න මේකත් කිව යුතු යි. ඉංග්‍රීසියෙන් කියවන එක ලේසියි. නමුත් සිංහලට පෙරලනව කියන එක මට එතරම් තේරෙන්නෙ නැති දෙයක්. එ් නිසා මේ කරුණු නවයේ යම් දෙයක් හරි හැටි ලියැවිලා නැති බවක් පේනවා නම්... කමන්න.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com1tag:blogger.com,1999:blog-1147188383729036097.post-17298875705306277452013-03-16T02:26:00.000-07:002013-03-16T02:26:10.552-07:00හදවතේ හඬ ශබ්ද

හඬ

මට දරා ගන්න බෑ
සියොළගම දැවෙනවා
සියොළගම පෙලෙනවා
මේ කාමමන්දය
සැඩ සුලගක් ද
මහා ඕඝයක් ද
මට හිතාගන්න බෑ

හඬ

සිහිකරගත යුතු නොවේ ද
බඹසරක මහිම
මෙදිව් තලයේ
සැම ආසා සුන් නුසුන් කොට

හඬ

වීතරාගය වීය වදන
මා මන්මත් කළ පෙර දිනෙක
එහෙත් එහි කිසිදු සොදුරු
බවත් නැත්තේ ය දැන්
දිගු කලකින් නොවිදි
ඒ ආශා ඵලය
මා පෙළයි
මා පෙළයි

හඬ

මේ සියලූ දෑ හැරියේ
පෙර දිනෙක
මහත් තේජෝ බවකින් නොවේ ද
ඒ තේජෝ බවම යි
දැන් වුවත් නුඹ තුළින් දිලෙන්නේ
නිවි නිවී

හඬ

ඒ කාමගින්න උණුසුම් ය
ඒ උණුසුමින් මා පෙළයි
මට සහනයක් වුව මැනවි

හඬ

නුඹ බෝසතෙකි
නුඹට හැක එහි අසුබ බව
සිහි කරගන්න
සිහි කරමින් ම එහි විසුම
නුඹ බෝසතෙකි

හඬ

ඒ උණුසුමින්
මා පෙළයි
මා පෙළයි

හඬ

හදවතින් නැගෙන හඩ
වේය මහ විසල් පවුර
ඒ පවුර මුලින් සුන් කළ යුතු ය
නුඹ වැනි බෝසතුන්

හඬ

මහ විසල් පවුරට
නැග ගන්න
වෙර දරන කුඩා පොව්වෙකි මම්
හසරක් නොදත්

හඬ

කුඩා පොව්වෙකු වුව ද
මහ පවුර තරණය කළ යුතු ය
යම් දිනෙක
සෙස්සන් මහ පවුරෙන් මෙහා
ලොව තුළ ම සැරි සරන කළ
ඔවුන් අතරින් මතු විය යුතු ය
නෙලූම් මෙන්
නුඹ වැනි බෝසතුන්

හඬ

නුඹ වත සෝබාමත් ය
නුඹ සිරුර සරදම් කරයි
නුඹ ඇදුම නෙත් විඩා නිවාලයි
වසර ගණනකට ඉහත
නුඹෙන් විදි ඒ ආශා ඵලය
දැන් ඉතින්
විද ගත යුතු යි
මේ මොහොත
මේ නිමේෂය

හඬ

මේ නොවේ නුඹ තෙපුල්
මහ පුරිස් තෙම
එදා නුඹ මේ දිවිය හැරියේ
මහ තේජෝ බවකින්
නුඹ වැනි
මහ පුගුලන්ට
දිනුම් මිස
පැරදුම උරැුම නොවේ.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-14244813056212237312013-03-16T02:12:00.000-07:002015-08-22T03:27:28.533-07:00බිත්තර කටුවක වැඩ හුන් ප්‍රාණියා

ධම්මරුචි හිමියන් නැගී සිටියේ හිරු උදාව නැරඹීමට ය. බවුන් වැඞීමට සුදුසුතම මොහොත මේ විය. ගැඹුරු භාවනාවක යෙදී සිටින ධම්මරුචි හිමි සවනත මහත් වේදනාවෙන් කෑගසන හඬක් වැකුණි.
බිත්තරකටුවක් තුළ දඟලන දාහයෙන් පෙඟුණු කුඩා ප්රාණියෙකු හිමියන්ට දැක ගත හැකි විය. පතළ විහාරයක යම් කොණක විය මේ බිත්තරකටුව සැඟවී තිබුණේ. ධම්මරුචි තුළ යම් කැළඹුමක් විය. ප්‍රාණියා යම් සහනයක් අපේක්ෂාවෙන් සිටින බව උන්වහන්සේට දිස් විණ. බිත්තර කටුව වූ තැනට උන්වහන්සේ වැඩිසේක. එය සෘද්ධි චාරිකාවක් විය.
‘මොකද වුනේ දරුවා?’ සුපුරුදු කාරුණික බවකින් හිමියෝ පිළිවිසීහ.
බිත්තරකටුවෙහි ප්‍රාණියා මුව විවර කළ මොහොතෙහිම හමන්නට වුයේ දරාගත නොහැකි දුගඳකි. එය දරාගැනීමට ධම්මරුචිට සිදු විය. එවන් දේ සැබවින්ම උන්වහන්සේට කළ හැකි විය.
‘මම නොමග ගියා හාමුදුරුවනේ.’ ප්රාණියාගේ පරමාණුවක් බඳු වතෙහි කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. ප්රාණියාට සිදු වූ දේ ධම්මරුචි හිමියන්ට දිවැසින් ආවර්ජනය කළ හැකි විය. එහෙත් ඒ පවත ප්රාණියාගේ හඬින් ම අසා දැන ගැනීමට උන්වහන්සේ ප්‍රිය කළ සේක.
දසුනින් දසුන සියලූ දෑ ප්රාණියාට සිහි විය.

පළමු දසුන

විහාරාධිපති හිමියන් සුධර්ම විහාරය පාලනය කළ ආකාරය මහාචාර්ය අමරසේකරට එතරම් රිසි නොවීය. සරල දිවි පෙවෙතක් ගත කළ යුතු වූ නායක හිමිනමක මේ ගෙවනුයේ මහත් සුඛෝපභෝගි දිවියක් නොවෙද?
ඔහු එදින දෙසුමට අදාල පිටපත සකස් කළේ වෙනත් ශෛලියකිනි. ‘බෞද්ධ භික්ෂුවක නොකළ යුතු දෑ’ වීය එහි මාතෘකාව. ‘බුදුදහම සමීපව අධ්‍යයනය කරන කොට පෙනී යන කරුණක් තමා,’ යනුවෙන් අමරසේකර සිය දෙසුම ඇරඹීය, ‘බුදුරදුන් වැඩසිටි සමයේ පවා භෞතික සැපසම්පත් වලට ආසකරපු හාමුදුරුවරු හිටපු බව. තමන්ට හම්බ වෙන හම්බ වෙන හැම භාණ්ඩයක්ම එක් රැුස් කරගැනීමේ පුරුද්දක් තිබුණු හාමුදුරුනමකුත් මේ අතර හිටිය. භාණ්ඩ වලට සෑහෙන්න ආස කරපු නිසා මේ හාමුදුරුවො හැඳින්වුනේ බහුභාණ්ඩික තෙරුන් කියන නමින්. ඉතින් මේ බහුභාණ්ඩික හාමුදුරුවන්ට මොකද වුනේ? අනිත් හාමුදුරුවරු එකතුවෙලා මේ හාමුදුරුවො ගැන බුදුන්වහන්සේට දැනුම් දුන්නා.’
මහාචාර්ය අමරසේකර ඇතුළත වුයේ මහත් දැවීම කි. ඔහුටම එය පසක් කර ගත හැකි වී නම්? අසල වූ වීදුරුවකින් වතුර ස්වල්පයක් පානය කිරීමට ඔහු මඳ විරාමයක් ගත්තේ ය. භික්ෂුන්ගෙන් ද ගිහි උපාධි අපේක්ෂකයින්ගෙන් ද පිරුණු ඒ දේශන ශාලාවෙහි වූයේ ඉමහත් නිහඬතාව කි. පසු පෙළක සිසුන් පිරිසක් නිදි කිරා වැටෙනු අමරසේකරට දිස් නොවී ය.
අද ඉන්න හාමුදුරුගොල්ල මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන. බොහෝ හාමුදුරුවරු ඉන්නවා හැබැයි ඒගොල්ලො ජීවත් වෙන්නෙ නම් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව නෙවෙයි. යන්නෙ බෙන්ස් රථ වල. ජීවත් වෙන්නෙ වායු සමීකරණය කරපු පන්සල් වල. මේ සැපසම්පත් විඳින්න නම් මහණ වෙන එකේ ඇති තේරුම මොකක්ද? අද බුද්ධාගම කියන්නේ හොඳට නඩත්තු කරන ව්‍යාපාරයක් මිසක් වෙන මොකක්වත් නෙවෙයි.

දෙවන දසුන

නිවාඩු සමය ගත කිරීම සඳහා ගාල්ලේ වූ සිය බංගලාව දක්වා අමරසේකර රථය පැදවූයේ ය. හමා එන මුහුදුබඩ සුලඟ ඔහුගේ නිර්මාණාත්මක මොහොතක් කුල්මත් කරයි. ඉඳුරුව විහාරයෙහි සාමණේරව ගත කරන සමයක මේ මුහුදු සුලං පහස විඳිමින් යම් නිර්මාණාභ්යාසයක යෙදුණා අමරසේකරට තවමත් මතක ය. දැන් ඉතින් ඔහුට අවශ්‍යව ඇත්තේ රුක්බැඳි යහනත් කම්කෙත් පරිගණකයත් පමණි.
මහාචාර්ය අමරසේකර අහවර කරමින් සිටියේ ‘ශ්‍රී ලංකාවේ භික්ෂු හැසිරීම’ පිළිබඳ වාර්තාවේ සැටදෙවැනි පිටුව ය. රාජ්‍ය නොවන සමාගම් වලින් දෝත පුරා පුද දීමට සැදී පැහැදී සිටින මුදල් පිළිබඳ මහාචාර්ය අමරසේකර තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ ය. භික්ෂුව දිවිගෙවිය යුත්තේ සැපපහසු ලෙස නොවේ. එපමණකි ඔහුට ඇවැසි වූයේ.
කොළඹ සිට වු සිවු හෝරා චාරිකාව ද මුහුදු සුලඟ ද ඔහු නිදිබර කරවීය. සිවුරෙහි සිටි යටගිය දිනකට ඔහුගේ මනස කෙමෙන් පියමං කළේ ය. පවුලේ පස්වැන්නා ඔහු වූ බැවින් කළ හැකි අන් කිසිදු දෙයක් නොවී ය. නායක හිමියන් ඔහු හදා වඩා ගත්තේ සුළු සුළු රැුකියාවල යෙදුණු ඔහුගේ පියා පිළිබඳ අනුකම්පාවකිනි.
‘කොලූවා හරි දස්සයා.’ ඔහුගේ ගුරුවරයා නිබඳ තෙපළු වදනකි ඒ. මහණ දිවියෙහි සැම දුක් කම්කටොල්ලක්ම අමරසේකර විඳ දරාගත්තේ ය. මේ උකටලි බවින් ගොඩ ඒමක් ඔහුට අවශ්‍ය විය. සරසවි වරම් ලැබ ගැනුම සඳහා බොහෝ වෙර වෑයමින් ඔහු සියලූ දෑ වනපොත් කළේ එබැවිනි. බුදුදහමත් ඉංගී්රසියත් එකවර අධ්‍යයනය කළ හෙයින් යම් වාසනාවක් පෑදිණ. සුඛවිහරණ දිවියක් ඔහු ඉදිරියේ දිස් විය.
කම්කෙත් පරිගණකයට විවේක ගන්නට ඉඩ හැරි අමරසේකර සිය සිතිවිලි ලොවෙහි කිමිදෙන්නට විය. මඳ මොහොතකින් ඔහු වුයේ මහ නින්දක ය.

තෙවන දසුන

පූජ්‍ය ගලගම ඥානින්ද හිමියෝ මහාචාර්ය අමරසේකරගේ යම් කළෙක සමීපතම සගයා වූහ. හුදෙකලා මොහොතක උන්වහන්සේ පිළිබඳ අමරසේකර තුළ වූයේ වදනින් කිව නොහැකි යම් මාත්සර්ය්යකි. ඉදිරිය කෙතරම් පබසර වුවත් ඥානින්ද හිමියන් නොවේ සිවුරු හැරියේ. දැනුමින් පතල හිමිනමක සේ පරසිදු වීම නිසාම උන්වහන්සේට නෙක සැප සම්පත් විය.
හිමිනමගේ මනස්කාන්ත රූපකාය සමඟ යම් රහසිගත පෙම් සබඳතාවක් යා කොට කටකතාවක් පැතිරීමට වරක් අමරසේකර තැත් කළේ ය. ඥානින්ද හිමියන්ගේ වියැපැහැදම් පිළිබඳ නඩු විභාගයක් පැවැත්වීමට වරෙක අමරසේකර ඉල්ලා සිටියත් බලධාරින් හිමියන්ට යම් සාධාරණ බවක් දැක්වූහ.
සියලූ දෑ තවත් වහකදුරු සේ වූයේ ඥානින්ද විහාරාධිපති හිමියන් වූ අනතුරුව ය.

සිවුවන දසුන
කුමක් හෝ කළ යුතු ය, සිය අතැඟිලිතර දැවටුණු ස්කොච් වීදුරුව දෙස බලමින් අමරසේකර සිතුවේ ය. එක්කො ඥානින්ද නැත්නම් මේ අමරසේකර. සිය පැරණි සගයාට කුමක් හෝ කරන තෙක් ඔහුගේ මනසට විවේකයක් නොවී ය.
තවත් අයිස් කැට කිහිපයක් සඳහා ශීතකරණය වෙත ගිය ඔහුට පසෙකින් තබන ලද කුණු බිත්තරයක් දිස් විය. එවිටම යම් දෙයක් ඔහුගේ මනසෙහි ඇඳී ගියේ ය. හරි, ඔහුට සිතිණ. එහෙත් අඳුර තෙක් ඔහුට බලා සිටීමට සිදු විය. එතෙක් අනෙකුත් දේ ගැන සොයා බැලිය යුතු ය. පෙනුම වසන් කිරීමට නම් රෙදි හිස්වැසුමක් හා කබායක් පමණ විය.
රාත්‍රී එකොලහේ කණිසම වැදුණු මොහොත එය විය. මාවත දිස් වූයේ පාළුවටම ගිය කතරක් සේ ය. අමරසේකර සිය ගමන ඇරඹී ය. වෙහෙර අසබඩ කිසිදු සරන්නෙකු නොවූ හෙයින් ඔහු සිත්හි යම් සැනහුමක් විය. කුඩා පවුර මතින් වෙහෙර බිමට බට මහාචාර්ය අමරසේකර නායක හිමියන්ගේ කුටිය අසල වූ විහාර ගෙය දක්වා පියමං කළේ ය. සැක සංකා ඔහු සිත පෙලන්නට විය. එහෙත් මෙය තව මොහොතකට කල් දැමිය නොහැකි දෙයකි. ඔහුගේ දෑත් යුහුසුළුව ඇවැසි කාර්යයේ නියැලිනි.
මොහොතකින් කුණු වූ බිත්තරය කැබලි විය. කැබලි කැබිලිති වී විහාරගෙයි බිම මත ඉසිරිණ.
ඔහුගේ ප්‍රීතියට නිම් හිම් නැති විය. ගන්ධය නම් දරාගත නොහැකිවූවක්ම විය. අමරසේකරට එහි කිසිදු බාධාවක් නොවී ය. විහාරයට අමනුස්ස බැල්ම වැටී ඇතැයි දැන් ඉතින් දායකයන් සිතනු ඇත. සදහටම ඔවුන් මේ විහාරය හැර යනු ඇත. කණගාටුයි ඥානින්ද නමුත් මේ දේ නම් නුඹට කළ යුතුවම තිබූ දෙයක්. විහාරයෙන් පිටතට පැමිණීම අමරසේකරට එතරම් අපහසු නොවී ය.

පස්වන දසුන

අමරසේකරගේ අසල්වැසි දියණිය ලැහැස්ති වෙමින් සිටියේ පසුදිනෙක විනෝද චාරිකාවක යෑමට ය. මැදියම තෙක් දියණිය ද මව ද අවදි වී බිත්තර සැන්ඞ්විච් පිළියෙල කරමින් සිටියහ. දියණියට යම් දුර්ගන්ධයක් දැනිණ. එවිටය පසෙක වූ දුර්වර්ණ වූ බිත්තරය දැක ගත හැකි වූයේ.
‘මං හිතන්නෙ අම්මෙ මේක නරක් වෙලා. ටිකක් ඉඹල බලන්න.’
‘මොනව ඉඹින්නද ළමයො. ඔන්න ඕක විසි කරල දාන්න. මේන් තව නරක් වෙච්ච එකක් තියෙනව. දෙකම විසිකරල දාන්න. නගර සභාවෙ මිනිස්සු මෑන්හෝල් එක ඇරල පොඩි රෙපයාර් එකකට. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ ඔය බිත්තර ටික කොහොමත් මෑන් හෝල් එක ඇතුලට වැටෙන එකනෙ.’
ඇඹුල් වූ මුහුණින් දියණිය කවුළුවෙන් එලියට බිත්තර දෙක විසි කළා ය. එහෙත් ඇයගේ ඉලක්කය වෙනතක වූ බව ඇයට නොවැටහිණ. බිත්තර පතිත වූයේ මනුබිල තුළට නොවන බව ඇයට නොදිස් විය.

සවන දසුන
බිත්තර පහරකට ලක් වීම අමරසේකර තුන් හිතකින්වත් සිතු දෙයක් නොවිය. මොන ලෝකෙන්ද මේ බිත්තර ආවේ? එය කෙතෙක් නරක් වී ද යත්, ඉන් ඔහුගේ දෑස් පවා වැසී ගියේ ය. උපකාරයක් ඉල්ලීමටවත් කෙනෙකු අසලක නැති සෙය කි. මහ රැුයක ඔහු නිරතව සිටින කාර්යය කුමක් දැයි ඒ කවරෙකු හෝ තුළ සැක මතු වීම සාධාරණ ය.
සිය ඊලඟ පියවර ඔහුගේ ඉරණම විය. යම් වළකට ඇදගෙන වැටෙනු ඔහුට දැනින. එය ලිස්සන සුළු මෙන්ම මහ දුගඳකින් ද යුතු විය. ජීවිතයේ පළමු වතාවට මරණ බිය ඔහුට දැනිණ. එහෙත් දෑස් වැසුණු පළියට හෝ වළක වැටුණු පළියට කෙනෙකු මිය යා ද? නැත, එවන් දෙයක් සිදු වීම අභව්‍ය ය. සැබවින්ම අභව්‍ය ය.
එහෙත් ඒ වළ නම් බොහෝ ලිස්සන සුලූ විය. එය මිනිස් ග්‍රහණයකට පවා නතු නොවී ය. වළ තුළ වූ ජල කඳ අමරසේකරගේ පපු පෙදෙස දක්වා විය. වෙවුලමින් සිටි තමා කෙතරම් ගැඹුරක සිටින්නේ ද යන අදහසක් අමරසේකරට නොවී ය. ගල්ගැසුණාක් සේ ඔහු සිටියේ සිටගෙනම ය. ඔහුට කළ හැකි කිසිවක් නොවී ය. වන්නාට වන දෙයක් වෙවයි කියා හඬ තැලූවා නම් යැයි ඔහුට සිතිණ. එහෙත් කිසිවෙකුට ඔහු නෑසෙනු ඇත. නගර සභා සේවකයින් ද අසබඩක සිටියේ නැත.
ඇතැම් විට ඔවුන් එන තෙක් මඳ නින්දක නිරත වීම මැනැවැයි ඔහුට සිතිණ. මහ රැුයක දිවා සිහින දැකීම හැර වෙන කුනම් නම් දෙයක් ඔහුට කළ හැකි ද? සිහිනයක දුටු දෙයකින් ඔහු ආහ්ලාදයට පත් විය. විහාරාධිපති පූජ්‍ය ගලගම ඥානින්දගේ හිස ගසා දමන ලෙස ආඥාවක් කළ මහා රාජෝත්තමයා ඔහු විය. ඔහු මහ හඩින් හිනැහෙන්නට විය. දැන් ඉතින් තමන්ට තවදුරටත් බාධා කිරීමට ඥානින්දට නොහැක.
එය කෙතරම් ගැඹුරු නින්දක් ද කිවහොත් ඉන් නැවත අමරසේකර අවදි නොවූයේ ය.

මතුබවට පිවිසීම

සිය සොව අසා සිටීමට කවුරුන් හෝ සිටීම බිත්තර කටුවේ ප්රාණියාට සැනිසිලිදායක විය. එහෙත් ඒ සතුට කොතරම් මොහොතක් පවතී ද යන්න ඔහුට සිතා ගත නොහැකි විය.
‘ඒ වගේ වැඩක් නොකර ඉන්නයි තිබුණේ දරුවා. බොහෝ සැපසම්පත් එක්ක ජීවත්වෙන ඇතැම් හාමුදුරුවරු සීලවන්තයි. උන්වහන්සේ ජීවත්වෙන විදිහ බලල අපිට තීරණ ගන්න බැහැ.’ ධම්මරුචි හිමියෝ පැවසූහ.
‘මං දන්නව හාමුදුරුවනේ. මගේ හැඟීම්වලම දාසයෙක් වුණා මං.’
‘ඔය දරුව මහණ ජීවිතයේ සෑහෙන පින්දහම් කරල තියෙන කෙනෙක් බව මට පේනවා. හැබැයි ඉතින් මේ බිත්තර කටුව ඇතුලේ තව බොහෝ කලක් ඉන්නත් සිද්ධ වෙනවා. ඒත් හිත කරදර කරගන්න එපා. ඔය දරුව ඊලඟට උපත ලබන්නේ හොඳ අත්බවක.’
ජීවිතය ද බිත්තරකටුවක ගමනකට සම කළ හැකි නොවෙද? කිසිවෙකුට පිරිපතක් නොපැතිය යුතු චාරිකාව කි ඒ. කිසිවෙකුට සොයා ගත නොහැකි ලෙස ධම්මරුචි හිමියෝ බිත්තර කටුව යම් තැනක තැන්පත් කළහ. පූජාසනයේ වූ පුවත්පතක පත්ඉරුවක් ඔහුට දිස් විය. එහි වූයේ හුුරුපුරුදු අයෙකුගේ රුවකි. හිරු එලිය ඒ පත් ඉරුව ස්පර්ශ කළේ හිමියන්ට සුපැහැදිලි ලෙස එහිවු පුවතක් කියැවීමට ය.
ඊයේ උදෑසන විවෘතව තිබූ මනුබිලක වූ මහාචාර්ය අමරසේකරගේ ප්‍රාණය නිරුද්ධ දේහය නගර සභා සේවකයින් විසින් සොයා ගන්නා ලදි. මහාචාර්ය අමරසේකර රාත්‍රි විවේක ගමනක යෙදෙන අතර මනුබිල තුලට ඇද වැටී ඒ ඛේදනීය සිදුවීමට මුහුණ දෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. රාත්‍රි කාලයේ වූව මනුබිලක් විවෘතව නොතබන ලෙස නගර සභා බලධාරින් විසින් සේවකයන්ට හට උපදෙස් දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com3tag:blogger.com,1999:blog-1147188383729036097.post-90712106938631083692013-03-15T11:15:00.000-07:002013-03-15T11:15:11.708-07:00ශ්‍රී සිද්ධාර්ථ ගෞතම දැක ගැන්ම

මෙදවස තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන අමුතු වදනක් අහන්නට ලැබෙනවා.
පසුව බුදු වන සිද්ධාර්ථ ගෞතමයන් ලොවෙහි ශ්‍රේෂ්ඨතම පුරුෂයකු වන හෙයින් එවන් චරිතයකට පණ පෙවීම කිසිවෙකුට හෝ තරම් නොවන බව එක් අදහසක්. ගෞතමයන්ගේ පරිවාර චරිතයන්ට ද පණ පෙවීම එතරම් තරම් නොවන බව තවත් අදහසක්.
සමහරු මේ අදහස් පළ කොට තිබුණේ චිත්‍රපටයේ පූර්විකා දර්ශනයක් පමණක් නැරඹීමෙන්. එ් නිසාම මේ ගැන අදහසක් දක්වන්නට, චිත්‍රපටය තවමත් නරඹා නැති අපට ද නිදහස තිබෙන බව ඉන් පසක් වෙනවා.
මේ දෝෂාරෝපනයේ අප නම් දකින්නේ හාස්‍යජනක බවක් පමණයි. චිත්‍රපටය ගෙතී ඇත්තේ සිද්ධාර්ථ ගෞතමයන් වටා මිස, බුදුරදුන් වටා නොවේ. සිද්ධාර්ථ ගෞතමයන් යනු සමාජ සිරිතට අනුව යෙමින් විවාහපන්නව, දරුවෙකු ද ජනිත කොට, නැටුමින් වැයුමින් සන්තර්පණය වුණු එ් තුළම ජීවන සත්තාව ගවේෂණය කල ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඔහු සෙසු දාර්ශනිකයන්ගෙන් වෙනස් වන්නේ, බොහෝ කලකට පසුව ඔහු බුදු බවට පැමිණෙන නිසා.
රන්ජන් රාමනායක වැන්නන් සුද්ධෝදන රජුගේ චරිතය පණ නොපෙවිය යුතු නම්, දිරා යන බිත්තියක බුදුරදුන් ද සිත්තම් නොවිය යුතු යි. එසේ නම් කහටින් කිලූටින් පිරි මිනිසුන් අතින් බුදුරදුන්ගේ පිලිරුව ද අඹනු ලැබීම වරදක්.
මෙවන් අමුතු වදනක් අපේ කන වැකෙන්නට එක් ප්‍රධාන හේතුවක් තියෙනවා. අප රටේ පවතින්නේ සංස්කෘතික බුදු දහමක්. බුදු පිලිමයට ගරු කරන, වත් පිළිවෙත් කරන, බුදු දහමක්. එය එසේ විය යුතු යි. එහෙත් සැබෑ බුදු දහම ඇත්තේ එ්හි පස්සිකෝ තුළ. බුදු රදුන් නිතොර පැවසුවේ එව බලව කියා. එ් නිසාම තමයි අපේ පැරණි කලා කෘතිය බුදු දහමින් නිතොර පෝෂණය වූයේ.
බුදු රදුන්ගේ චරිතය, උන්වහන්සේගේ පරිවාර චරිත නිතොර අපට එ් ජීවන දායාදය ලබා දුන්නා. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම යනු එහි එක් දිගුවක් පමණයි. මීට විරුද්ධ වීමෙන් දිස් වන්නේ එකම එක සත්‍යයි. ලෝකයේ පවතින ඇතැම් අන්තවාදී ආගම් වලින් අප ද කුපෝෂණය වන බව යි එ්.

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0tag:blogger.com,1999:blog-1147188383729036097.post-41083750757986947922013-01-16T02:14:00.000-08:002013-03-16T02:15:52.645-07:00ශෝක ප්රකාශනයක්

පෙර දිනෙක

අප හද රගමඩල

පොොහාසත් කළ

ඒ සොදුරු මිනිසා

නුඹ මිස අන් කවුරුන් ද?

නුඹ වීය

විප්ලවය හදා හොවාගත් විරුවා

නුඹම වීය

උපේක්ෂාව ලෙහි හොවාගත් මුනිවරයා

නඹ මුව පොබයන විට

දෑස් දල්වාගෙන සිටියා අපි

හිස් වුවත් අහස් ගැබ පවා

ගිගුම් දුන්නා

නුඹෙ අසිරිමත් හඩට

කොහිද ඒ සොදුරු මිනිසා

නුඹ තුළ හුන්

දහඩියෙන් පෙගී

කළු පැහැගැන්වුණු

නුඹ වත මඩලෙහි

සෝබාමත් වු මහරු බව

මිල අධික

විලවුනට වත්සුනට

සැගවිණිද?

අධිරාජ්‍යවාදයට

ධනවාදයට සැප සම්පත්තියට

ඔරෙහිය යුද වැදුනු

නුඹ අත් යුග

පහස ලබයි

සිනිදු වු මොනරුපත් මත

පසක් කරමින්

මෙදියත මහ විප්‍රකාරය

නුඹේ හඩ

නින්නාද දුන් වේදිකාව

සුන් බුන් ව ගොසින්

නුඹේ හඩ

විඳගත් අහස් ගැබ

අමාවකව ගොස්

නුඹේ හඩ

ආදරයෙන් සිපගත්

අපේ ආත්මය

මිය ගොසින්

කුර ගාමින් ය

බඩ ගාමින් ය

එන්නේ දිනෙක නුඹ තෙපලූ වදන්

මහද බැතිමත් කරවමින් මොහොතකට

ප්රාග්ධනය කේන්ද්‍ර වූ සමාජයක

ශ=ද්ධ වු සියල්ල කෙලෙසෙයි

මහ හඩින් කෑ ගසා

කියු මාක්ස්ගේ ඒ වදන්

සහෝදරයා මතකද තවමත් නුඹට?

සහෝදරයා මතකද තවමත් නුඹට?

Sachitra Mahendrahttp://www.blogger.com/profile/06241123263086183669noreply@blogger.com0