Wednesday, January 16, 2013

ශෝක ප්‍රකාශනයක්

පෙර දිනෙක
අප හද රගමඩල
පොොහාසත් කළ
ඒ සොදුරු මිනිසා
නුඹ මිස අන් කවුරුන් ද?

නුඹ වීය
විප්ලවය හදා හොවාගත් විරුවා
නුඹම වීය
උපේක්ෂාව ලෙහි හොවාගත් මුනිවරයා
නඹ මුව පොබයන විට
දෑස් දල්වාගෙන සිටියා අපි
හිස් වුවත් අහස් ගැබ පවා
ගිගුම් දුන්නා
නුඹෙ අසිරිමත් හඩට

කොහිද ඒ සොදුරු මිනිසා
නුඹ තුළ හුන්
දහඩියෙන් පෙගී
කළු පැහැගැන්වුණු
නුඹ වත මඩලෙහි
සෝබාමත් වු මහරු බව
මිල අධික
විලවුනට වත්සුනට
සැගවිණිද?

අධිරාජ්‍යවාදයට
ධනවාදයට සැප සම්පත්තියට
ඔරෙහිය යුද වැදුනු
නුඹ අත් යුග
පහස ලබයි
සිනිදු වු මොනරුපත් මත
පසක් කරමින්
මෙදියත මහ විප්‍රකාරය
නුඹේ හඩ
නින්නාද දුන් වේදිකාව
සුන් බුන් ව ගොසින්
නුඹේ හඩ
විඳගත් අහස් ගැබ
අමාවකව ගොස්
නුඹේ හඩ
ආදරයෙන් සිපගත්
අපේ ආත්මය
මිය ගොසින්

කුර ගාමින් ය
බඩ ගාමින් ය
එන්නේ දිනෙක නුඹ තෙපලූ වදන්
මහද බැතිමත් කරවමින් මොහොතකට

ප්‍රාග්ධනය කේන්ද්‍ර වූ සමාජයක
ශ=ද්ධ වු සියල්ල කෙලෙසෙයි
මහ හඩින් කෑ ගසා
කියු මාක්ස්ගේ ඒ වදන්
සහෝදරයා මතකද තවමත් නුඹට?

සහෝදරයා මතකද තවමත් නුඹට?